මිගමුව මහ ලේල්ලමේ මාළු හිඟයක්?මිළගණන් ඉහල යයි

0
88

fish fm japan 1මිගමුව මංකුලිය මහ ලෙල්ලමට පිටපළාත් වලින් පැමිණෙන මාළු තොගවල සැලකිය යුතු පහල වැටිමක් ඇතිව තිබෙන හෙයින් මේ දිනවල ලේලලමේ මාළු බරපතල මතස්‍ය හිඟයක් ඇතිව තිබේ.මේනිසාම මිළ ගණන් වලද ඉහල යාමක් දක්නට තිබේ.ලින්නා වැනි මසුන් පසුගිය  කාලය තුල කිලොවක මිළ රු 250ත් 300 ත් අතර පැවතියද මේ දිනවල රු 350 ත් 400අතර අගයක් ගෙන තිබේ.

යහපාලන රජය  පැමිණිමෙන් පසු තහනම් පන්න ක්‍රම වලට එරෙහි නීතිය තදින්ම ක්‍රියාත්මක විම මෙසේ මේ කාලයේ මෙසේ මතස්‍ය සැපයුම අඩුවිම කෙරෙහි බලපා ඇති බව මිපුර වෙබ් අඩවිය කළ විමසුමකට පිළිතුරු දෙමින් මතස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා පවසා සිටියේය .