මිගමුව රෝහලට තිබුන ලොකුම ප්‍රශ්ණය හෙද නිළධාරි සිසිරගේ ස්ථාන මාරුවද ?

0
182

tmp_4776-image-0-02-06-f11ebe788d03dcdb5838f10af161e49cb354586e9d25f1dfd23b26960834de08-V1227004420මීගමුව අද බරපතල අර්බුද ගණනාවකට මුහුණ දි සිටි. මින් ප්‍රධානතම කරුණ වි ඇත්තේ දිනෙන් දින ඉහල යන රෝගීන්ට සරිලන පහසුකම් සපයන්නට ඇති ගැටළුවය.
මේ හේතුව නිසා රෝහලේ එක ඇදක සිටින ලෙඩුන් ගණනට විටෙක 2 කි නැතිනම් 3 කි.
මෙවන් යථාර්ථයක් තිබියදි සමන් රත්නප්‍රියලාගේ හෙද සංගමය අප්‍රෙල් 27 වනදා වර්ජනයක් කිරිමට සුදානම්ව සිටි බවක්ද සැලවිය.
tmp_4776-image-0-02-06-7c6b47eeb282e869496df835198d826ddbd42052c6ef808e5881b3d7bd1ef3cf-V1913653805
එයට හේතුව වි තිබුනේ ඔවුන්ගේ හෙද සංගමයේ ප්‍රධානියෙකු වන මීගමුව රෝහලේ සිසිර නැමැති හෙද නිළධාරියාට රෝහල් පරිපාලනය විසින් මීගමුව රෝහල තුලම ලබාදි තිබුණ ස්ථාන මාරුවයි.
සිසිර යනු වසර 9 ක් තිස්සේ මීගමුව රෝහලේ බාහිර රෝගි අංශයේ ස්ථාන භාර නිලධාරියාය.
රෝහල්වල වෛද්‍යවරුන් වසර 4 න් 4 ට වෙනත් රෝහල් කරා ස්ථාන මාරු ලැබ යන්නේ නම් ඒ නියමය සිසිරලා වැනි අයට  වලංගු නොවන්නේ කෙසේද ?එය කාගේ නීතියක්ද ?
tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748
යහපාලනය රටතුල ස්ථාපිත කිරිමට පොරොන්දු දුන් සමන් රත්නප්‍රිය වැනි වෘත්තිය සමිති නිළධාරියෙකු තම සංගමයේ සිසිර වැනි සාමාජිකයෙකු වෙනුවෙන් රෝහලේ සිටින සියළු රෝගින්ගේ ජිවිත බිල්ලට තබමින් වැඩවර්ජනයක් කිරිමට සුදානම් වුයේ නම් අපට අසන්නට වන්නේ එය සමන්ලා මෙන්ම අප පැතු යහපාලනයද යනවෙනි.

තවත් දෙයක් අපට කිය යුතුව තිබේ. එනම් සිසිර යන හෙද නිළධාරියා ගැනය.
සිය වෘත්තිය සමිතියේ තනතුරු කඩුවක් කරගෙන එය වන වනා ඔහු පසුගිය කාලය තුල ලබාගත් වරප්‍රසාද අද මුළු රෝහල් පද්ධතියටම රහසක් නොවන බවය.අප යහපාලනය පටන්ගත යුත්තේ මහගෙදරිනි.
පහත දැක්වෙන් ඡායාරුප දෙස හොදින් බලන්න .
tmp_4776-image-0-02-06-73c0ffa8b364027d958af2c2ca4ea8911e3fe436a2e0b0e42cfcc27a2898111f-V1203009870
අප රටේ බලධාරින් හට බලකර කියා සිටිය යුතු වන්නේ මීගමුව රෝහලේ මේ ඇති තදබදයට කඩිනම් විසදුම් සපයා දෙන්නට කියාය.
සමන් රත්නප්‍රිය සහෝදරයා සිසිරගේ මාරුව ගැන මහත් උනන්දුවකින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමු කළාක් මෙන් හෙද සංගම් මීගමුව රෝහල තුල අද ඇති මේ සෑබෑ අර්බුදය ගැන කියන්නේ කුමක්ද ?යහපාලනය ගැන ලිට්මස් පරික්ෂණය ඇත්තේ එතනය.
tmp_4776-image-0-02-06-08174d34b1a882a0f50f8389ad89d82e2234138b2e60174458250f110c5d9840-V-1432056014tmp_4776-image-0-02-06-ee14b58452bb245a02aac43f2ad5c4b89bee02d865d21b4523e4e29cdced4e2c-V1319157621

Save

Save