මිගමුව රෝහලෙන් IDH යැවු කඳසුරිඳුගම දරුවාට ඇත්තටම වැළදි තිබුනේ කොරෝනාද ?

0
99

NGB-hospital-new-buildig-( 9.00 am ) අප්‍රේල් මුලසතිය මිගමුව තරමක් ආන්දොලානාත්මක තත්වයකට පත්ව තිබුනේ මෙරටේ දෙවෙනි කොරෝනා අසාදිත මරණය මිගමුව රෝහල තුල සිදුව තිබිමත් ඉන් ටික දිනකට පසු වයස අවුරුදු හතරාමාරක දරුවකුට කොරෝනා වැළදි ඇතැයි හදුනාගැනිමත් නිසාය.
මෙම සිදුවිම මාධ්‍ය විසින් සුපුරුදු පරිදි උපරිමයෙන් ප්‍රවෘත්තියක් ලෙසින් අලෙවි කර තිබුනේ කදසුරිදුගම අදාල නිවස පමණක් නොව අවටද පාරවල් වසා ඇති අන්දමද ආදි සියල්ල සිය රූප පෙට්ටි අස්සේ විසුරුවා හරිමිනි.ප්‍රතිකාර සදහා IDH රෝහලට ඇතුලත් කරනු ලැබු දරුවා දින  7 කට පමණ පසුව එකි දරුවා සුවය ලබා ඇතැයි කියා  රෝහලෙන් යළි නිවසට එවා තිබුණි.
මිගමුවට පමණක් නොව රටටම කුතුහලය වි තිබුනේ මේ දරුවාට කොරෝනා අසාදිත වුයේ කෙසේ දැයි කියාය.
ඒ ප්‍රශ්ණය අදාල පවුලට සහ මිගමුව රෝහලට පමණක් නොව රටටද ප්‍රශ්ණයක් වි තිබුණි.
රටටවත් මිගමුවටවත් මාධ්‍යයටවත් කිසිලෙසකින්වත් ප්‍රශ්ණයක් නොවුන ප්‍රශ්ණයක් දැන් ඒ පවුලට ඉතිරි වි තිබේ.එනම් ඒ පවුලේ කිසිවෙකුත් කොරෝනා අසාදිතයන් ලෙසින් වෛද්‍ය පරික්ෂණ වාර්තා වලින් හදුනා නොගැනිමයි.
මේ දරුවා රෝහල්ගතව සිටියදි ලග සිටි ඇගේ ලොකුඅම්මා ( අම්මාගේ අම්මා ) සේවය කළේ නිදහස් වෙළද කලාපයේය.දින 21 ක නිරෝධායන කාලයකින් පසුව ඉතාමත් අපහසුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ලබාගත් නිරෝධායන සහතියක් තිබියදි වුවද යළිත් රැකියාව ලබාදිමට නිදහස් වෙළද කලාපයේ ආයතන හිමියෝ අදිමදි කරති.
ඒ පවුලත් ඒ පාරත් ඒ ගමත් කොරෝනා භිතියට යටපත් කරමින්  පුවත් විකුණු මයික් කාරයෝ මේ පවුලට කොරෝනා නැතැයි කියා රටට කියන්නට එහි දැන් යන්නේ නැත.ඒ පවුලේ අය මගබලා සිටින්නේ යළිත් ඒ මයික් මහත්තුරු පැමිණ ඒ පවුලට කොරෝනා නැතැයි රටට කියන කන්ය.එහෙත් අපේ රටේ එවැනි මාධ්‍ය සංස්කෘතියක් ඇත්තේ නැත.
එය අපේ රටේ වෘත්තියභාවයෙන් තොර ගෝත්‍රික මාධ්‍ය කලාවේ යථාර්ථයයි.
මේ සියල්ල අස්සේ මතුකෙරෙන එක් කරුණක් වෙයි.
එනම් අදාල දරුවා වැළදි කොරෝනාද යන ප්‍රශ්ණයයි ??

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here