මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවක් වසා දැමේ ?

0
62

මීගමුව රෝහල තුල ක්‍රියාත්මක කොරෝනා වාට්ටු 5 න් ඒක් වාට්ටුවක් වසා දමා ඒහි සේවය කරමින් සිටි හෙද කාර්යමණ්ඩලය නිදහස් වෙළද කලාපයේ අලුතින් ආරම්භ කළ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකිරිමට මිගමුව රෝහල් අධ්‍යක්ෂකවරිය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
හෙද කාර්ය මණ්ඩලයේද විරෝධය මැද මෙසේ වසා දැමිමට තිරණය කර ඇතැයි කියන්නේ රෝග ලක්ෂන බරපතල ලෙස පෙන්නුම් නොකරන කොරෝනා රෝගින් වෙනුවෙන් වෙන්කර තිබුන 11වාට්ටුව බවද කියැවේ.
මේ අනුව හෙට සිට ඒය වසා දැමිමට නියමිතව ඇතැයි සැකයක් පවති.
රජයේ දේශපාලකයන් ඇදන් හදමින් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වද්දි වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ඉතා පැහැදිලිව කියා සිටියේ ඒ්වා ප්‍රයෝගික නොවන බවය.
පිස්සන්ට හැතැක්ම නැති ලෙසින් ක්‍රියා කරන බහුතරයක් ආණ්ඩුවේ දේශපාලකයන්ද , ඒ්වාට උඩගෙඩි දෙන පරිපාලකයන් ද මේ කරමින් සිටින්නේ අටුව කඩා පුටුව සෑදිම වැනි ක්‍රියාවන් බව දින පතා දැන් හෙළිවෙමින් තිබේ.