මිගමුව රෝහලේ මෘත දේහයක් නිදහස් කරගැනිම යුද්ධයක් ?

0
46

මීගමුව රෝහල තුල මේ දිනවල ඇති එක් බරපතල ප්‍රශ්ණය වි ඇත්තේ මෘත ශරිර නිදහස් කරගැනිමේ ගැටළුවයි.

නිවසේදි මිය ගියද PCR පරික්ෂණ සිදුකිරිම මෘත ශරිරයක් රෝහලෙන් නිදහස් කිරිමට අනිවාර්ය වි ඇති පසුබිමක බොහෝ විට PCR ප්‍රථිපල ලැබිම පමාවිම සමාන්‍ය තත්වයක් වි තිබේ.

ඉන්පසුව පවා ඇතැම් මෘත දේහයන් නිදහස් කරගැනිමට දින ගණනක් යන අතර එතෙක් එය නරක් නොවිම තබාගැනිමට පවා රෝහල් මෘත ශරිරාගාරය තුල පහසුකම් නොමැත.

දැනට වාර්තා වන අන්දමට කාලයක සිට මෙසේ මෘත ශරිර තබා ඇත්තේ ෆ්‍රිෂර් ලොරියක් තුල බව සැලය.
මෙහි එක උඩ එක මාළු අඩුක් කර තබන අකාරයෙන් මෘත දේහ එක මත එක තබා තිබෙන බවද වාර්තා වේ
දින කිපයක් ගිය විට සැබැවින්ම ඒවා නරක්විම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

මෙවැනි දැවැන්ත අර්බුදයක් මිගමුව රෝහල තුල තිබියදි ඒ වෙනුවෙන් මැදිහත්ව මේ ප්‍රශ්ණය විසදිමට මිගමුවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිසිවෙකුත් ඉදිරිපත් නොවිම සැබැවින්ම ඛේදවාචකයකි.

තතු එසේව තිබියදි මිගමුව එජාප මන්ත්‍රිවරයෙකුගේ මහළු වයසේ පසුවු ඥාතියෙකුගේ මෘත දේහයක් නිදහස් කරගැනිමට පවා දින කිපයක් යාම පිලිබද මිපුර වෙබ් අඩවියට කතා කොට රෝහලේ පවතින අර්බුදය ගැන කරුණු කියා තිබුණි.
ලංසා පවුල් පාලනය හා එක්ව කරේ අත දාගත් විපක්ෂ මන්ත්‍රිවරුන් බහුතරයක් සිටින මිගමුව තුල මෘත ශරිරාගාරය පමණක් නොව මුලු නගරයම ගද ගහන දින වැඩි ඈතක නැත.

එබැවින්ම කොන්ද පණ ඇති විපක්ෂයක් නැති මිගමුව තුල පුරවැසියන්ද නොමැති පසුබිමක මිගමුව රෝහල මෙන්ම සියලු ක්ෂේත්‍ර අර්බුදයට යාම අනිවාර්යයකි.
මිපුර අමතා සිය ඥාාතියාගේ මෘත දේහය නිදහස් කරගැනිමට පමා විම ගැන කලබල වි අපට කරුණු කියා සිටි ගෝමස් මන්ත්‍රිවරයාටද අපට කියන්නට ඇත්තේ දැන්වත් මිගමුවෙ ඇත්ත තත්වය වෙනුවෙන් පෙනි සිටිමට ජනතාව ඡන්දය දි පත්කරගෙන ඇති මන්ත්‍රිධුරය පාවිච්චි කරන ලෙසය.