මිගමුව රෝහලේ සායන වලට එන රෝගින්ව පිඩාවට පත්කරන තිරණ ගන්නේ කව්ද ?

0
153

මීගමුව රෝහලේ සායන වලට පැමිණෙන රෝගින් අලුයම 4 පමණ සිට පැමිණියද ඔවුන්ට රෝහල් පරිශ්‍රයට ඇතුළුවිමට අවසර නැත.

මේ හේතුව නිසා රෝහල් ගේට්ටුවෙන් එලියට වි හිටගෙන සිටිමට මේ අයට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියට අදහස් දැක්වු රෝගින් කියා සිටියේ මේ අමන තින්දුව ගත්තේ කව්දැයි මිගමු රෝහල් අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළ යුතු බවය.

මේ රෝගින්ව රෝහල් පරිශ්‍රයට ගනු ලබන්නේ පෙ.ව 7 න් පසුවය
රෝහල් බලධාරින් කළ යුතුව ඇත්තේ රෝහල් පරිශ්‍රය තුල මේ අයට ඒමට අවස්ථාව සලසා දි ඉද ගැනිමට පහසුකම් සපයා දිම බව රෝගිහු කියා සිටිති.