මිගමු අයවැය සම්මතයි!එජාපයත් අත උස්සයි!ජවිපෙ පමණක් එරෙහිවෙයි!

0
59

bribery-1newමිගමුව මහනගර සභාවේ 2019 වසර සදහා අයවැය රටටම අදාර්ශයක් දෙමින් සම්මත කරගෙන ඇති බව මිගමුව නගරාධිපති දයාන් ලංසා සිය මුහුණු පොතේ වි⁣ශේෂ සටහනක් තබාඇත.එජාපය ඇතුළු පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් 40කගේ ඡන්ද අයවැය⁣ට ලැබි ඇති බවද ඔහු කියයි.මෙම අයවැයට පෙර නගරාධිපති විසින් වි⁣ශේෂ බජට් සවාරියක් පාසිකුඩා සුපිරිහෝ⁣ටලයක සංවිධානය කර තිබුණු.අප මේ පිළිබදව කල් ඇතිව හෙළිදරව් කළ අතර මේ සවාරියට එක්වු එජාප මන්ත්‍රීලා ගැනද අප ලිවෙමු.

කෙසේ වෙතත් දැන් දයාන් ලංසා සිය මුහුණු පොතේ තබා ඇති සටහන ඇත්තටම ලියන්නට ඇත්තේ එදා රාත්‍රියේ පාසිකුඩා වලදි විය යුතුය.ඇත්තම කතාව නම් එජපේ බහුතරයක් නාගරික මන්ත්‍රීලා දයාන් ලංසාට පට්ට බයයය.තමන් සියලු දෙනාව පත්කළ ජනතාවගේ ජයග්‍රහණය මංකොල්ල කෑ ලංසා පවුලට අභියෝග කිරිම අතහැර දමා ඇත.කෙසේ වෙතත් අද දයාන් ලංසාගේ අයවැයට අතඑසවිම සදහා විපක්ෂ නායක රොයිස් විජිත,සහ නාගරික මන්ත්‍රීන් වන නාමල් වේවැල්දෙණිය ,සංගීත් ප්‍රනාන්දු මහසභාවට ගොස් තිබුනේ නැත.ගොමස් නාගරික මන්ත්‍රීවරයාද පුද්ගලික හේතුවක් නිසා ගොස් තිබුනේ නැත.ජවිපෙ මන්ත්‍රීන් තිදෙනා පමණක් ප්‍රතිපත්තිගරුක ලෙසින් අයවැයට එ⁣රෙහිව ඡන්දය ලබා දි තිබුණි.මෙහිදි අප සටහන් කලයුතු එක් වැදගත් කරුණක් තිබේ.එනම් ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂ විසින් රටම අර්බුදයට යවමින් දැවැන්ත විනාශයක් කළ රාජපක්ෂලාව දවසින් දවස පරාජය කරමින් තිබියදි මිගමුවේ එජාප මන්ත්‍රීලා ඒ ජයග්‍රාහි අරගලයට ලැජ්ජා නැතිව දැන් පස්ස පැත්ත පෙන්නා හමාරය.