මිගමු අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 147 ක් !

0
110

පසුගිය අප්‍රේල් 17 වෙනිදායින් පසුව මිගමුව තුලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 147 ක් බවට පත්ව තිබේ.
මේ අතර කැපුන්ගොඩ ,පිටිපන සහ කුරණ වැඩිම ආසාදිතයන් වාර්තා වෙමින් ඇති ප්‍රදේශ බවට පත්ව තිබේ.
පිටිපන සහ දුව ප්‍රදේශයෙන් හදුනාගෙන ඇති ආසාදිතයන් ගණන 25 ක් පමණ වේ.එමෙන්ම කැපුන්ගොඩ ප්‍රදේශයෙන් අසාදිතයන් 15 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය බලධාරිහු පවසති.
එමෙන්ම නවලෝක රෝහලේ මුල්ම ආසාදිතයන් 4 දෙනා ලෙසින් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිටින කුරණ ප්‍රදේශයෙන්ද 20 කට වැඩි පිරිසක් ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබේ