
මිගමුව මහනගර සභාවේ දුෂිත ගණු දෙනු සහ ටෙන්ඩර් රැසක් ගැන තීන්දු ගැනිමට නියමිතව තිබුන අද පැවැති මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විම එජාප සංවිධායක බෙන්ජමින් ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අද සභාවට නොගොස් එය මඟ හැර තිබුණි.
මිගමුවේ ඡන්ද කොට්ටාශ 29 න් 19 ක් ජයගත් එජාප මන්ත්‍රිවරුන් 19 දෙනා අතුරින් නාගරික මන්ත්‍රින් 12 දෙනෙකුම නගරාධිපති දයාන් ලංසාගේ ජනතා ද්‍රෝහි යෝජනාවලට එරෙහිවිමට මහසභාවට නොපැමිණ එය මඟ හැර තිබුණි.
මෙසේ අද මහසභාවට නොපැමිණි එජාප නාගරික මන්ත්‍රින් අතර සංවිධායක බෙන්ජමින් පමණක් නොව විපක්ෂ නායක රොයිස් විජිතද වු බව සැලය.
ජනතා විරෝධි යෝජනාවලට එරෙහි නොවි මහසභාව නොපැමිණ මෙන්ම පැමිණ එය මඟහැර ගිය පිරිස අතර ,නස්මියාර්, සජිත් මෝගන්,පියුමි,ගෝමස්,ශ්‍රිනික,රවි ජිවාන්න්ද,කැලිසන් ජයකොඩි,මාක් සුජිත් ,මනෝජ්,රොෂාන් යන නාගරික මන්ත්‍රිවරුන්ද විය .
මේ අතර මිගමුව එජාප සංවිධායක බෙන්ජිමින්ගේ ඥාති පුතෙකුගේ නමට ඇති ගැමි පුබුදු ග්‍රාම සංවර්ධන සමිතියට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් පාරවල් කොන්ත්‍රාත් 10 ක් ලබාදි තිබුණි.
මිපුරට අදහස් දැක්වු ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ අබේසිංහපුර පෙරියමුල්ල ලිපිනය සහිත මේ සමිතියේ සැබැ හිමිකරුවා එජාප සංවිධයකයාම බවය.
එමෙන්ම එජාප සංවිධායකයාගේ ඥාාතිපුතා අද මහසභාව පැවැති අවස්ථාවේදි කොන්ත්‍රාත් අනුමත වන්නේද ඔත්තු බලන්නට ගැලරියට පැමිණ සිටි බවද සැලය.
මහසභාවට ඉදිරිපත් වු යෝජනා වලට එරෙහිව ඡන්දය දි තිබුනේ එජාප නාගරික මන්ත්‍රිවරුන් වන සංගිත් පෙරේරා, සුමිත් ප්‍රනාන්දු,නාමල් වේවැල්දෙණිය,චාමර ප්‍රනාන්දු සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රි කපිල නන්ද සුලෝචනය

