මිගමු එජාප සංවිධායක ඇතුලු පිරිස අයවැය ඡන්දය මඟ හරියි.

0
234
266166323 789549669111898 2750873875672653402 n

ලංකාවේ දූෂිතම පළාත් පාලන ආයතනය මිගමුව විය හැකිවා සේම ලංකාවේ දූෂිතම විපක්ෂය සිටින්නේද මිගමුවේ බව දැන් ඉතා පැහැදිලිය.

19 දෙනෙකුගෙන් යුත් මිගමුවේ එජාපය නියෝජනය කරන නාගරික මන්ත්‍රි පිරිසෙන් 09 දෙනෙකු අද මහසභාවේ අයවැයට ඡන්දය දීමට ඊයේ දිනයේ ( 09) පැමිණ තිබුනේ නැත.
මේ අය අතර එජාප සංවිධායක බෙන්ජමින් මෙන්ම විපක්ෂ නායක රොයිස් විජිතද විය.පැමිණ සිටි එජාප මන්ත්‍රින්ගෙන් මාක් සුජිත් පියුමි වීරසිංහ සහ මනෝජ් යන අය ලංසා පවුලේ දුෂිත පාලනය ශක්තිමත් කිරිම සඳහා අයවැයට පක්ෂව ඡන්දය ලබා දි තිබුණි.

එජාප නවක මන්ත්‍රි රාජා සහ කුරණ ප්‍රදේශය නියෝජනය ශ්‍රිනික යන අය අයවැයට ඡන්දය දිමෙන් වැලකි සිටියහ.ගුණත් නැති අගුණත් නැති පතෝල න්‍යාය මේ අය ක්‍රියාත්මක කර ඇතැයි අප කළ විමසුකමකදි එජාප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.

අයවැයට එරෙහිව,සංගීත්,නාමල් ,සුමිත්,,කාංචනා,චාමර යන එජාප මන්ත්‍රි පිරිසද,එක්සත් ජාතික නිදහස් පෙරමුනේ කපිල නන්ද සුලෝචන ද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.ජනතා විමුක්ති පෙරමුණද අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මිගමුවේ එජාප නායකත්වය යනු දුෂිත ලංසා පවුලේ ඔඩොක්කුවට වැටුන පිරිසක් බවට පත්ව සිටින බව යළිත් වරක් සනාථ වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here