මිගමු එජාප සංවිධායක එන්නතෙන් ගොඩයන්න හදන හැටි මෙන්න ..

0
64

එන්නත්කරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිළධාරින්ගේ වැඩකි. එයට දැන් හමුදාවේ සහයද ලැබෙමින් තිබේ. එ අනුව මේ එන්නත්කරණ වැඩසටහන සදහා දේශපාලකයන්ට කළ හැක්කක් නැත.

තතු එසේව තිබියදි කලින් මෙන්ම ඇස්ට්‍රසෙනිකා එන්නත පෙරියමුල්ලේ දි අගොස්තු 07 වෙනිදා විදිමට නියමිතව තිබියදි මිගමුව එජාප සංවිධායක බෙන්ජමින් සහ ඔහුගේ ඥාති පුතෙකු මෙන්ම පාරවල්, කාණු ටෙන්ඩර් ගන්න හදාගත්තු සමිතියේ රොමේශ් නැමැත්තාගේද නම් සහ දුරකථන අංකය යෙදු කුඩා පත්‍රිකාවක් මේ වන විට බෙදාහරිමින් ඇති බව වාර්තා වේ.

එන්නත්කරණයට අදාලව මිගමුවේම කප්පරක් වංචා දුෂණ මිගමුව නගරාධිපතිවරයා හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් සිදුකරද්දි ඒවා ගැන මීක් නොකියපු බෙන්ජමින්ලා දැන් තුණ්ඩු බෙදමින් නිකන් විදින එන්නතනෙුත් වාසි ගන්න හදයි .
සැබැවින්ම බෙන්ජමින් යනු දයාන් ලංසාටම ගැලපෙන අපුරු බඩියෙකි යැයි අප සිතන්නේ එබැවිනි.