මිගමු එජාප සංවිධායක නගර සභා නිලධාරියෙකුට තග දමයි

0
122
gihan

මිගමු එජාප සංවිධායක බෙන්ජමින් කොන්ත්‍රාත් ගණුදෙනුවක් පිලිබද ප්‍රශ්ණයක් නිසා මිගමු මහනගර සභාවේ තාක්ෂණික නිලධාරියෙකුට මැර තර්ජන කර ඇතැයි වාර්තාවේ.

දුන්ගාල්පිටිය ප්‍රදේශයේ කාණුවක් ඉදිකිරිමේදි අවශ්‍ය කම්බි නොදමා ප්‍රමිතියෙන් තොරව එය ඉදිකර තිබිම හේතුවෙන් මහනගර සභා ඉජිනේරු අංශය විසින් අදාල ගෙවිම් සිදුකිරිමට නොහැකි බව දන්වා තිබුණි.

කොන්ත්‍රාත් ගැනිම සදහාම මිගමුව එජාප සංවිධායක බෙන්ජමින්ගේ ඥාති පුතෙකු විසින් හදාගෙන තිබුන සමිතියක් විසින් මෙම කොන්ත්‍රාත්තුව ගෙන තිබුණ අතර අද පෙරවරුවේ මහනගර සභාවට පැමිණ තිබුණ බෙන්ජමින් තාක්ෂණ නිළධාරි ඉසුරු නැමැත්තාට මැර තර්ජන කර තිබුනේ් අදාල මුදල් අනුමත නොකර තිබිම නිසාය.

අප විසින් මිට වඩාත් නිවරදිව හෙළිදරව් කර තිබුනේ් බෙන්ජමින් විසින් ඔහුට සම්බන්ධ සමිතියක් මගින් කොන්ත්‍රාත් ගන්නා බවත් නගරාධිපති දයාන් ලංසා විසින් බෙන්ජමින් හට අත දිගහැර කොන්ත්‍රාත් ලබාදෙන බවත්ය.

එජාප සංවිධායක යනු කොන්ත්‍රාත්තුකරුවෙකු බව ඔහු විසින් ම දැන් ඔප්පු කර හමාරය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here