මිගමු කලපුවේදි බෝට්ටුවකින් වැටුන තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් …

0
276

මීගමුව කලපුවේ ඊයේ දිනයේ බෝට්ටු සංචාරයක නිරතව සිටි තරුණයන් පිරිසක් අතරින් එක් තරුණයෙකු කලපුවට වැටී දියේ ගිලී අතුරුදන් වී තිබුණි.
මේ අවාසනාවන්ත් ඉරණමට මුහුණ දි තිබුනේ 18 හැවිරිදි මිගමුව දූව ප්‍රදේශයේ තරුණයෙකි.


වාර්තා වන අන්දමට තරුණයන් 7 දෙනෙකු මෙම සංවාරයකට එක්ව ඇත.
ඊයේ සවස 2 ට පමණ මෙය සිදුව තිබුන අතර මේ වන තුරුත් ගම්වාසින් මෙන්ම නාවික හමුදාවද දියේ ගිලුන තරුණයා සොයා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරමින් සිටින බව ප්‍රදේශවාසිහු පවසා සිටිති