මිගමු කලපුවේ ඔරුවක්  පෙරළි දෙදෙනෙක් අතුරුදහන් .!

0
284

මීගමුව, කලපුවේ.ඔරුවක් පෙරලී එකම පවුලේ පියා සහ දියණියක අතුරුදහන් . …. මීගමුව, මුන්නක්කරේ ප්‍රදේශයේ දී කලපුවේ පදවා ගෙන ගිය කුඩා ඇන්ජිමක් යෙදු ඔරුවක් පෙරලීමෙන් එකම පවුලේ පියකු සහ දියණියක අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. මෙය සිදු වී ඇත්තේ අද (2024/11/24) පෙරවරුවේදී ය.

කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ දේවස්ථානයේ පියතුමෙකු ඔහුගේ ගම් ප්‍රදේශය වන මුන්නක්කරේ ප්‍රදේශයේ සිය ඥාතීන් පිරිසක් සමඟ මෙම ඔරුවේ ගමන් කර ඇත. වාර්තා වන අන්දමට මෙවැනි ඔරුවක ගමන් කළ හැකි වන්නේ පුද්ගලයන් සිව් දෙනෙකුට පමණි. එහෙත් මෙම ඔරුව පෙරලෙන අවස්ථාවේදී ඔරුවේ හත් දෙනෙකු ගමන් කර ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ඔරුව කලපුවට පෙරලුනු අවස්ථාවේ අසල නිවාස වල පදිංචි පිරිසක් විසින් කලපුවේ වැටී සිටි එම පිරිසෙන් පස්දෙනකු බේරාගෙන ඇත .

img 20241124 wa00977230036978379899933

ඒ අනුව එම පිරිසෙන් තවත් දෙදෙනෙකු බේරා ගැනීමට නොහැකි වී තිබේ. එලෙසම දැනට සොයා ගත නොහැකිව අතුරුදහන් වී සිටින දෙදෙනා එකම පවුලේ පියා සහ දියණියක බවද හඳුනාගෙන ඇත. එමෙන්ම මේ වන විට මීගමුව පොලිස් නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අතුරුදහන් වී සිටින පියා සහ දියණිය සෙවීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවද වැඩිදුරටත් වාර්තා වන අතර මීගමුව, මුන්නක්කරේ, සිරිකුරුස දේවස්ථානය ආසන්නයේ ඇති පාලම පිහිටි ප්‍රදේශයේ විශාල පිරිසක් රැඳී සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණි

ඔරු සවාරියට එක්ව සිටි කිසිවෙකුත් ජිවිත ආරක්ෂක කබා පැළඳ සිට නැත.මේ ගැන මිපුරට අදහස් දක්වා සිටි සංගිත් පෙරේරා කියා සිටියේ ජිවිත ආරක්ෂක කබා නොමැතිව මුහුදු හෝ කලපුවේ ගමන් සැබැවින්ම අවධානම් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here