මිගමු නගරය මැද්දේ කඩිමුඩියේ හැදෙන ගොඩනැගිල්ල අනවසර එකක්ද ?

0
341

මීගමුව නගර මධ්‍යයේ ලාෆ්ස් සුපිරි වෙළද සැල අසල කඩිමුඩියේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලකි.
දිවා රෑ දෙකෙම නොඩවා මෙහි ඉදිකිරිම් ක්‍රියාත්මකය .

මේ ගොඩනැගිල්ල ගැන දැනටමත් යම් කසුකුසුවක් මතුව තිබේ. ඒ මෙහි අයිතිකරු නිසි ලෙස අදාල ඉදිකිරිම් ක්‍රියාවලයේ මුලිකාංග නිසි ලෙස අනුගමනය කරමින් කටයුතු කරන්නේ ද යන ගැටළුවයි.

img 20241130 wa00377067764462878170717

මීගමුවේ පැවැතියේ එහෙම පිටින්ම ඩිල් දේශපාලනයකි. පවුලක තිරණය පළාත් පාලන නීතිය බවට පත්ව තිබුණි. නගර සභාවේ ප්‍රධාන පෙලේ ධුරවලට පත් කරතිබුනේද පවුලේ අනුමැතිය ලත් රාජ්‍ය නිලධාරින් පමණි.
මීට පෙර සිටි නාගරික කොමසාරිස්වරයා ආසන්තම උදාහරණයයි
මේ නිසාම මිගමුව නගරයෛ් අති බහුතරයක් ඉදිකිරිම් නීතියට වෙට්ටු දමා ගිය ඒවාම වි තිබුණි.

වංචනික කටයුතු කොයිතරම් දැයි කියන්නේ නම් මිගමුවේ නිතියට වංගු දමා ප්ලැන් ඇදිමේ සිට අනුමැතිය ගැනිමේ කටයුතු කොන්ත්‍රාත් ගෙන කෙරෙන මහජන සෞඛ්‍ය පරික්ෂකාලද සිටින අරුම පුදුම තැනකි.

මිට පෙර සිටි කොමසාරිස්වරියා ලංසා පවුලේ මෙන්ම මෙම ගොඩනැගිල්ල ඉදිකරන ව්‍යාපාරිකයාගේද ගජයෙකි.
හිටපු කෙනා නිති නැමිල්ලේ සටකපටයෙකි.

දැන් වගකිම ඇත්තේ වත්මන් කොමසාරිස්වරිය වෙතය . ඇය නිතියට කටයුතු කරන්නේද යන්න ගැන අප බලාසිටින්නෙමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here