මිගමු නගරාධිපතිගෙන් තවත් තර්ජනයක්?

0
95

මිගමු මහනගර සභාවේ ටෙන්ඩර් ගණුදෙණු ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සිදුනොවන පසුබිමක ඒවාට අදාල වාර්තාවන් විමර්ශනය කිරිම සඳහා ඉල්ලා සිටිමට නගාරික මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබුණද මිගමුව තුල පළාත් පාලන නීතිය වෙනුවට කැලේ නීතිය ක්‍රියාත්මක වෙමින් තිබිම නිසා මන්ත්‍රීවරුන්ගේ අයිතින් පවා මේ කැලේ නීතිය නිසා උල්ලංඝනය වි තිබේ. එපමණක් නොව විගණන විමර්ශන වාර්තාවන් වල පිටපත් පවා ඉල්ලිමට නාගරික මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය තර්ජනයට ලක්වතිබේ.

පසුගිය දිනක විගණක විමර්ශන ලිපි ලේඛනවල ඡායා පිටපත් හිටපු නගරාධිපතිවරයා විසින් ඉල්ලා සිටි අවස්ථාවේදි නගරාධිපති දයාන් ලංසා විසින් අනියම් තර්ජනයක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදි නම සඳහන් කිරිමට අකමැති වු විපක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු කියා සිටියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ක්‍රියාත්මක වි ඇති ටෙන්ඩර් ගණුදෙනු සම්බන්ධයෙන් දැනටමත් නඩු පවා පැවරි ඇති නිසා නගරාධිපති දයාන් ලංසා වියරු වැටි ඇති බවය.

මිගමුවේ එජාප මන්ත්‍රීවරුන් 11දෙනෙකු පසුගියදා මිගමුවේ නීති විරෝධි ටෙන්ඩර් ක්‍රියාවලට පක්ෂ වෙමින් මහ සභාවට පැමිණිම මගහැර තිබුනි.

වත්මන් එජාප සංවිධායක බෙන්ජමින් පිලිබදව මේ වන විටත් පක්ෂයේ ඉහල නිලධාරින් හට විවිධ පැමිණිලි ඉදිරිපත්ව ඇති බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.ච