මිගමු නගරාධිපති ගුටි කාපු සිදුවිම ගැන තවත් තොරතුරු හෙළිවේ …

0
113

මිගමුව නගරාධිපතිවරයා පහර කෑමකට ලක්විමේ සිදුවිම මුලු මිගමුව පුරාම ලැව් ගින්නක් සේ පැතිර යන්නට ගතව තිබුනේ සුලු වේලාවකි.ඒ පසුගිය පාස්කු ඉරුදින සවස් වරුවේදිය

පාස්කු ඉරිදා මිගමුව කැළඹු උණුසුම් පුවත.

මිපුර වෙබ් අඩවිය අමතා වැඩිම පිරිසක් එකම කරුණක් ගැන නිරන්තරයෙන්ම තොරුතුරු ලබා දුන් සහ තොරුතුරු විමසා සිටි සිදුවිම බවට පත්ව තිබුනේද නගරාධිපති දයාන් ලංසා ගුටි කෑමේ පුවතයි.

cnews වෙබ් අඩවියත් නිමල් ලංසගේ මල්ලි ගුටිකෑ බව රටටම කියයි

කලකට ඉහතදි විමල් විරවංශට අයත්ව තිබුනේ යැයි කියු දැන් රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුගේ හිමිකාරිත්වය යටතේ පවතිනවා යැයි කියැවෙන ජනප්‍රිය වෙබ් අඩවිය යක් ද ඇතුළු වෙබ් අඩවි ගණනාවක් විසින් මේ පුවත පළකර තිබුණි.
ඒ හේතුවෙන් රටේම කථා බහට මේ පුවත ලක්විය.

වැල්ල කාටද ? ධිවරයන්ටද? හෝටල්කාරයන්ටද ?

නගරාධිපති දයාන් ලංසා ගුටිකෑමට නිමිත්ත වු හෝටලය අයිති මිගමුවේ වාහන අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයෙකුටය.
මේ තැනැත්තාට මෙසේ හෝටලයක් ඉදිකිරිමට මෙම ඉඩම ලබාදිම ගැනද තවත් කතා ද දැන් එළියට එමින් තිබේ.
එපමණක් නොව වසර සිය ගණනක් තිස්සේ ධිවරයන් සහ ධිවරයින්ගේ දරුවන් භාවිතා කළ මීගමු වැල්ලේ දැන් හෝටල් කාරයින් විවිධ දේ සිදු රන්නට පටන් ගෙනය.
දරුවන්ට සෙල්ලම් කරන්න බැරි වැල්ලේ හෝටල්කාරන්ගේ රථගාල් ඇතිවෙන්නේ කෙසේද යන්න මිගමුවේ පල්ලිවල පියතුමන්ලාද ඇස් ඇර බැලිය යුතුව තිබේ.මීගමුවේ ප්‍රධාන පුරවැසියා කළ යුතුව තිබුනේ දරුවන්ට වැල්ලේ සෙල්ලම් කරන්නට තියෙන අයිතියට බාධා කරන කරුණු වෙනුවෙන් දරුවන්ගේ පැත්ත ගෙන කටයුතු කිරිමටය.
එහෙත් සිදුව තිබුනේ හෝටල්කාරයන්ගේ අයිතින් වෙනුවෙන් ධිවරයන්ට සහ ධිවර දරුවන්ට එරෙහිව ප්‍රධාන පුරවැසියා අතපය විසිකරන්නට යාමය

නගරාධිපති කටයි අතයි පළමුව ඉස්සර කර ගනියි !ගැටුම ඇරඹෙන්නේ එතැනිනි

මේ හෝටලය අසල වැල්ලේ තරුණ දරුවන් මෙන්ම පොඩි අයද නිරන්තරයෙන් ක්‍රිඩා කරති. එය හෝටලයට හිරිහැරයක් ව ඇති අයුරු ගැන නගරාධිපති දයාන් ලංසාට හෝටලයේ අයෙකු විසින් දැනුම් තිබුණ බවක්දැ කියැවේ .
එමෙන්ම දරුවන් වැල්ලේ ක්‍රිඩා කරමින් සිටියදි වාහන එහි නවතා තැබිමද බරපතල ගැටලුවක්ව තිබේ
ඒ ගැන විමසිමට නගරාධිපති ගිය අවස්ථාවේදි ඇතිවු බහින් බස් විම නිසා නගරාධිපතිවරයා මුලින්ම පහර දි තිබුණි.
ඒ ජීසස් නම් වු ධිවරයෙකු හටය.
එහි සිටි තවත් අයෙකුට ද පහර දි තිබුණ බව ගම්වාසිහු පවසති. මෙසේ පහර කැමට ලක්ව ඇතැයි කියන අනෙක් තැන්ත්තා ප්‍රැට්ටික් නැමැත්තෙකි.

නගරාධිපතිට ලේ එන්නම වැදුන පළමු පහර

කෙසේ වෙතත් ජියස් නැමැත්තාට පහර දෙනු දුටු ඔහුගේ පුතා වු 22 හැවිරිදි සේවියර් නම් තරුණයා පැමිණ තදබල පහරක් නගරාධිපතිවරයාට එල්ල කර තිබේ.
නහයට සහ මුහුණට වැදුන තද බල පහර හේතුවෙන් මුහුණේ ලේ තැවරි තිබුන බව ගම්වැසියෝ කියා සිටිති.
නගරාධිපති සමගින් සිටි නීල් සහ ලොයිඩ් යන අයද සුළු ප්‍රහාරවලට ලක්ව තිබේ.

පොලිස් බල ඇණි පැමිණෙයි ! ආරක්ෂාව තරකරයි

මෙම සිදුවිම පොලිසියට දැනුම් දිමත් සමගින් විශාල පොලිස් බල ඇණියක් පැමිණ මේ ප්‍රදේශය වටකර තිබුනේ කිසිවෙකුටත් පහරදුන් අයගේ නිවෙස්වලට යාමට නොහැකි ලෙසය.
මේ තරම් විශාල පොලිස් ඇණියක් පැමිණ ඇත්තේ ඇයිදැයි කුඩාපාඩුවේ ජනතාව පවා පල්ලියේ පියතුමා හමුවි අසා ඇත.
හරියට මෙතන මිනියක් සිදුවෙලා වගේ මේච්චර පොලිසිය ගමට දාල තියෙන්නේ යැයි කුඩාපාඩුව ජනතාව පල්ලියේ පියතුමාද දැනුම් දි තිබුණි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මේ ගෝරිය , VIP එකක් වන බව නොවේද ?

ලංසා පවුල ගැන දන්නා ගම්වැසියන් පල්ලියේ පිහිට පතයි

ජිසස් නැමැත්තා නිවසේ නොසිටි නිසා සේවියර් නැමැති ජිසස්ගේ පුතාව සහ ජිසස්ගේ මවවද මිගමුව පොලිසිය විසින් පැමිණ අත්අඩංගුවට ගෙන පොලිස් කුඩුවට දමා තිබුණි.
ලංසා පවුල ගැන ඉතා හොදින් දන්නා ගම්වාසින් කළබල වුයේ පොලිස් කුඩුවේ සිටින සේවියර් ගැනය.


නගරාධිපතිට පහර දුන් තරණයාගේ ආරක්ෂාවට ගමක් පෙළ ගැසෙයි


එබැවින ගම්වැසියන් කුඩාපාඩුව පල්ලියේ පියතුමා හමුවි සේවියර්ට අනතුරුක් කිරිමට ඉඩ නොතබන ලෙසත් පොලිසියට යාමට එන ලෙසත් කියා තිබුණි.
ගම්වැසියන් විශාල පිරිසක් මෙසේ උනන්දුවි තිබුනේ නගරාධිපතිට ලේ එන්නට පහර දි තිබුණ තරුණයාගේ ජිවිත ආරක්ෂාව ගැන සිතා විය යුතුය.
කෙසේ වෙතත් මේ ගැටුම ආරම්භ කළ දයාන් ලංසාව පොලිසියටකැදවා තිබුෙන් නැත.
ගැටුමට මුල් වු තැතැන්තාව සිටියේ නිදැල්ලේය.
කෙසේ වෙතත් ගැහැණුන් මිනිසුන් කුඩා දරුවන් ඒ රාත්‍රියේම කුඩාපාඩුව පල්ලියට ගොස් පියතුමාව දැනුවත් කර තිබුනේ පොලිස් කුඩුවේ සිටින ඒ මවවත් පුතාවත් නිදහස් කරගැනිම සදහාය

මගේ මුණත් ඩැමේජ් වෙලා -දායන් ලංසා පල්ලියේ පියතුමාට කියලා.


කෙසේ වෙතත් පියතුමා කියා තිබුනේ දයාන් ලංසා හට කථා කළ බවත් අත්අඩංගුවට ගත් අයව නිදහස් කරන ලෙස පොලිසියට දායන් ලංසා විසින් කියා ඇති බවත්ය .එමෙන්ම තමාගේ මුණත් ඩැමේජ් වි ඇතැයි දයාන් ලංසා පැවසු බවද පියතුමා විසින් ජනතාවට දැනුම් දි තිබුණි
සේවියර් නම් වු තරුණයාව සහ ඔහුගේ මවව පොලිස් කූඩුවට දමා තිබුණද මේ සිදුවිම ගැන කිසිදු පැමිනිලි විභාගයක් සිදුනොකරම පසුව එදින රාත්‍රි 10 ට පමණ මේ දෙදෙනාව නිදහස් කර තිබුණි.
ඒ දයාන් ලංසා විසින් පොලිසියට කි නිසා විය යුතුය. මේ අය විසින් මතු ආරක්ෂාවටද පැමිනිල්ලක් සටහන් කර තිබුණ බවද වාර්තා විය.

සැඟවුන අමුත්තා එලියට

මෙම සිදුවිමෙන් දින 2 කට පසුව නගරාධිපති දයාන් ලංසා එළිමහනට පැමිණ තිබේ.
ඒ මිගමුව මහනගර සභාවටය. ඒ අද(06) දවල් කාලයේදිය.

ගුටි කෑ නගරාධිපතිගේ සුවදුක් විමසන්න නගර සභාවට පැමිණ එජාප මන්ත්‍රිලා

එහිදි නගරාධිපතිවරයාගේ පහරකැම ගැන සිදුවිමට අදාලව දුක සැප විමසා ලිම සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ටත් කලින් එජාපේ ලංසා හිතවාදි මන්ත්‍රිවරුන් කිපදෙනෙකු පැමිණ තිබුණි.

හොදවෙලාවට තාත්ත නොහිටියේ ! එජාප මන්ත්‍රි කියයි.

නගරාධිපති ගේ සුව දුක් බැලිමට ගිය එක් මන්ත්‍රිවරයෙකු එහිදි කියා තිබුනේ මරු කථාවක
නගරාධිපතිට මේ මන්ත්‍රිවරයා කියා තිබුනේ හොද වෙලාවට තාත්ත පරක්කුවෙලා ආවේ හිටිය නම් සිද්ධ වෙන ගිනි විජ්ජුම්බරය කියා.
පිඩාවට පත්වන ජනයාගේ පැත්තේ හිටගත යුතු මේ මන්ත්‍රිලා දැන් හිටගන්නේ පිඩකයාගේ පැත්තේ බව දිනෙන් දින හෙලිදරව් වෙමින් තිබේ .

ලංසා පවුලේ කරේ අතදාගත්තු එජාප මන්ත්‍රිලා සහ රංගේ .

ලංසා පවුලේ කරේ අතදාගෙන හාදවෙලා යමන් පනේ යැයි කියමින් ඉන්නා මේ එජාප මන්ත්‍රිලා ගැන රංග බණ්ඩාර කියන්නේ කුමක්දැයි දැනගැනිමට අප ඉතාමත් උනන්දුවෙන් සිටිම

ඡායා – නගරාධිපතිගේ ෆේස් බුක් පිටුවෙනි