මිගමු නගරාධිපති බැනර් කපා ජවිපෙන් පලිගනියි !

0
416

මිගමුවෙ තුල දැන් ක්‍රියාත්මකව ඇත්තේ පළාත් පාලන නීතිය නොව එක පවුලක නීතියකි. ඒ් පවුලේ අය කැමති අය කොයිතරම් නම් නීති කැඩුවද ගානක් නැත.
කප්පරක් හොරකම් බෙදා හදාගෙන හවුලේ කරති.
සෞඛ්‍ය ලොක්කෝ කොරෝනා එන්නත් විකුණා පෝසත් වෙති. ඇතැම් මහජන පරික්ෂක වරන්ද කෝටි ගණන් වැය කර ගෙවල් හදාගෙන ඇත්තේද මිගමුවේ පවුල් දේශපාලනයට මුක්කුව ගසාගෙන නිතිය නවාගෙනය.
කොමසාරිස්වරිය රාජ්‍ය ආයතන ඇතුලේ මත්පැන් පාටිවලය.
ගිනි නිවන ලොක්කා ගිනි නිවන අංශයේ කැබ් ඒකේ ගෙදර සිමෙන්ති අදියි. කප්පරක් නීති විරෝධි වැඩ අස්සේ මිගමුවේ නගරාධිපති දයාන් ලංසා සිය හෙංචයින්ව නිරන්තරයෙන්ම රැක ගන්නේ කෝටි ගණන් මගඩි වැඩවලට ඒකි නොකි නිලධාරින්ගේ සහය ගැනිම සදහාය.
නගරාධිපති කැමති නම් නගරය පුරා බැනර් කට්අවුට් දැමිය හැකිය. එහෙත් අකමැති නම් පමණක් නගරාධිපති දයාන් ලංසාට අවසර නැති බැනර් කපන්නට හිතෙන්නේය.
මිගමුවේ ජවිපෙ ක්‍රියාකාරින් මිපුර වෙබ් අඩවිය අමතා කියා සිටියේ තමන්ගේ ගම්පහ දිසා සමුවේ බැනර් සියල්ල මිගමුව නගරාධිපතිගේ නියෝග අනුවක් කපා දමා ඇති බවය.
මත්පැන් සාදවල හුරතල් වෙන කොමසාරිස්වරියද නගරාධිපතිගේ දේශපාලන පලිගැනිම් වලට එකෙන්ම සහය වෙන්නේ ඇයට ලැබෙන වාහන දිමනාව ඇතුළු තවත් දේවල් රැක ගැනිමට බව නම් ඉතා පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here