මිගමු නාගරික ඉජිනේරුවරයාගේ වත්තේ පස් පෙරලන්න පුත්තලම් ගිය ට්‍රැක්ටරේ…

0
209

මීගමුව නාගරික ඉජිනේරුවරයාගේ පුත්තලමේ පිහිටි ඉඩමක පස්පෙරලිම සදහා පසුගියදා මිගමුව මහනගර සභාවට අයත් ට්‍රැක්ටර් යොදවා තිබිම අප විසින් දැනටමත් හෙළිදරව් කර තිබේ.

නීතියට පිටින් සිදුකරනු ලබන මෙවැනි දේවල් කොයිතරම් සගවාලන්නට උත්සාහ කළද මිපුරට ඒ ලැබෙන ආකාරය නගරාධිපතිවරයාට තවමත් නවතා ගන්නට බැරිවි තිබේ.

මිගමුවේ බදු ගෙවන ජනයාට ‌මේ ගැහැලි ගැන කියන්නේ මිපුර පමණක් බව විශ්වාස කරන පිරිසක් මිගමුව මහනගර සභාව තුල තවමත් සිටින නිසා මේවා හෙළිදරව් විම වැලැක්විමට කිසිවෙකුටත් නොහැකි වි තිබේ.

දැන් මේ හොරවැඩේ ඉහලටම මාට්ටු වි අවසන්ය. ආදල නිළධාරින්ට බොරු කියන්නට යැයි කියා මේ ට්‍රැක්ටර් මගඩියෙන් ගැලවෙන්නට උත්සාහ කළද අදාල විගණන අංශ මේ ගැන දැනටමත් අවදියෙන් බවද සැලය.

මිගමුව නාගරික ඉජිනේරුවරයා ගිනි නිවන ඒ්කකය තුලම මත්පැන් සාද පවත්වා චාටර් වි සිටින ගිනි අංශයේ ප්‍රධානියාගේ ඥාති පුතෙකු බවද කියැවේ.