මිගමු පොලිසිය සාක්ෂි වසන් කරනවා ! මැක්ස් ඝාතනය කළ තුවක්කුව ගැන අදත් කථා නෑ ! බ්‍රිටෝ ප්‍රනාන්දු (විඩියෝ)

0
164

බ්‍රිටෝ 1පසුගිය වෙසක් පෝදා මැක්ස් නම් සුනඛ සුරතලෙකු ඝාතනය කිරිමට අදාල චෝදනා ලැබ සිටින මිගමුව පෙරියමුල්ල ශා.අන්තෝනි පාරේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාට අධිකරණයට කරුණු වසං කරමින් ඇප ලබාදිමට කටයුතු කළ බවට දැනටමත් මිගමුව පොලිසියට බරපතල විවේචනයක් එල්ලවි ඇත.
ඊයේ පැවැති නඩු විභාගයේදි ගරු අධිකරණය අගතියට පත් පාර්ශවයේ ඉල්ලිමට කන් දෙමින් අදාල සුනඛ ඝාතක සැකකරුට මැයි 07 වෙනිදා මිගමුව පොලිසියේ මැදිහත්විමෙන් ලබාදි තිබුන ඇපය අවලංගු කර තිබුණි.
ඒ අනුව මැයි 29 වෙනිදා තෙක් රක්ෂිතබන්ධනාගාර ගත කෙරුණි.
මේ පිළිබදව අදහස් දක්වමින් ඝාතනයට ලක්වු මැක්ස් නම් සුරතලාගේ හිමිකරු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මිගමුව පොලිසිය සාක්ෂි වසන් කරන බවට බරපතල චෝදනාවක් එල්ල කර සිටියේය.මැක්ස්ව ඝාතනය කළ තුවක්කුව ගැන තවමත් කිසිවක් නොකියු බවද ඔහු සදහන් කලේය.
මේ අනුව මිගමුව පොලිසිය දැනටමත් රට හමුවේ බරපතල අවමානයකට ලක්ව තිබේ. ඒ විශ්‍රාම පොලිස් අධිකාරිවරයෙකු රැකගැනිමට නිතිය පසෙක ලා කටයුතු කරන්නට පටන් ගෙන තිබිම නිසාය.