මිගමු පොහොට්ටුවේ අර්බුද පුපුරා යයි ! හිටපු නගරාධිපති ජයවීර, දයාන්ටත් විරෝධය පළකර සභාවෙන් නැගිට යයි !

0
209

MC jayaweeraමැතිවරණයක් මුව විට තිබියදි කලක් තිස්සේ පැවැති මීගමුවේ පොහොට්ටු අර්බුදයක් පුපුරා යයි. අද පැවැති මහසභාවේදි උණුසුම් තත්වයක් මතුව තිබේ.ඒ ඇන්ටනි ජයවිර විසින් අසා තිබුන කල් දි ඇති ප්‍රශ්ණ කිපයක් අද දින න්‍යාය පත්‍රය ඇතුලත් කර තිබුණද ඔහු විසින් ඉදිරිපත් කර තිබුණ පුස්තකාලය නිමකිරිම පමා කිරිමට අදාල යෝජනාවක් අද මහසභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත්ව තිබුනේ නැත.
ඔහු විසින් කල්දි ඇති ප්‍රශ්ණ යටතේ නගරසභාවේ වත්මන් මුල්‍ය තත්වයට අදාල ප්‍රශ්ණ ගණනාවක් විමසා තිබුණි.


එහෙත් ඔහු විසින් ඉදිපත් කර තිබුන තවත් යෝජනාවක් වු පුස්තකාලයේ වැඩකටයුතු නිමකිරිම පමා කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කරන්නට යෙදුන යෝජනාව ඇතුලත්ව තිබි නැත.
ඒ කොමසාරිස්වරියගේ උපදෙස් පිට නගරාධිපති දයාන් ලංසා ගෙන තිබුන තිරණයක් අනුවය.
මහනගර සභා භුමියේ ඉදිකෙරෙන පුස්තකාලය වැඩ පටන්ගෙන තිබුනේ 2016 ජුනි මස 24 වෙනි දිනය. මේ මස 24 වෙනි දිනට එයට වසර 4 කි. එහෙත් දැන් මාස 6 ක් තිස්සේ ඒ ඉදිකිරිම් ද නැවති තිබේ.
ගිවිසුම් ගත කාලය වසර එකාමාරකි. ඒ අනුව දැනට එහි කටයුතු භාර කොන්ත්‍රාත්කරු ඉවත් කොට වෙනත් අයෙකු ලවා හෝ එහි කටයුතු නිමකිරිම කළ යුතුව තිබේ.එසේ සිදුනොවන්නේ මහනගර සභාවේ නිලධාරින්ගේ වැරැද්ද නිසා බව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
තමාගේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් නොකිරිම ගැන මේ අනුව නාගරික කොමසාරිස්වරියටත් නගරාධිපති දයාන් ලංසාටත් විරෝධය පළකරමින් අද දින මහසභාවෙන් නැගිට ගොස් තිබේ.
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිරට මේ අනුව සිදුව තිබුන අසාධාරණය වෙනුවෙන් කිසිදු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු මහසභාවේදි කතා කර නොතිබුන බවත් එහෙත් තමන් තනිවම ඒවාට එරෙහිව හැප්පෙන්නට සුදානම් බවත් තවදුරටත් අවධාරණය කර  සිටියේය.