මිගමු මහජන දේපල නගරාධිපතිගේ පවුලේ බූදලයක්ද ??? හිටපු නගරාධිපති ජයවිර අභියෝග කරයි !

0
74

MC jayaweeraමීගමු මහනගර සභාව අද උණුසුම් වි තිබුණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කය තුල පැන නැගි ඇති කෙරෝනා දෙවන රැල්ල නිසා නම් නොවුනද මිගමු මහනගර සභාව සතු මහජන දේපල ගැන මතුවු ප්‍රශ්ණයක් නිසාවෙනි.
කාමච්චෝඩේ අසල පිහිටි ක්‍රිඩා පිටිය මිගමුව ශා.මරියා විදුහලට තවත් වසර 10 ක් සදහා බදු දිමට නගරාධිපති විසින් ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් පැවැති සංවාදය හේතුවෙනි.
හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර මෙන්ම නාගරික  මන්ත්‍රි කපිල නන්ද සුලෝචනද නාගරික මන්ත්‍රි සංගිත් ප්‍රනාන්දුද ගිහාන් බෙන්ජමින්ද මේ සටහන තැබෙන මොහොත වන විට අදහස්  ඉදිරිපත්කර තිබුණි.
මෙහිදි හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවිර විසින් මතුකරන්නට යෙදුනේ මේ ආකාරයෙන් මහජන දේපලක් බදුදිමේදි මතුවිය හැකි පළාත් පාලනයටද අදාල නිතිමය කරුණු ගැනය.
මෙම අදහස් දැක්විමට එරෙහිව මිගමුව නගරාධිපති දයාන් ලංසා චණ්ඩියාට අදිමින් ඒකාධිපතියෙකු ලෙසින් කියා තිබුනේ තමන් මේ ක්‍රිඩාපිටිය බදු දිමට අදාල එකදු වචනයක් හෝ වෙනස් නොකර ගන්නා බවය.
එසේ කිමෙන් නගරාධිපතිවරයා මේ ගැන අනික් අයට අදහස් දක්වන්නට ඇති අයිතිය නිශේධනය කර තිබේ.නගරාධිපතිගේ වචන අවසන් වචන නම් මහසභාවක් කුමකටදැයි පැහැදිලි ප්‍රශ්ණයක් මතුවේ.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මිගමුවේ මහජන දේපල යනු තම පවුලේ බුදලයක් එබැවින්ම මට ඕන කෙනෙක්ට මේවා දෙනාව යැයි නොවේද ? පසුගිය දශකය කාලය මිගමුවේ මහජන දේපල සැබැවින්ම පවුලක බුදලයක් සේ සලකා හිතුමතේ කටයුතු කළ අයුරු ගැන නිදසුන් ඕනෑ තරම්ය
අද පැවැති මේ උණුසුම් සංවාදයේදි නගරාධිපති දායන් ලංසා විසින් කියා තිබුනේ හිටපු නගරාධිපතිවරයා ගැන මුලු මිගමුවම දන්නව බවය.
එහෙත් ඇත්ත කතාව නම් මිගමුව පමණක් නොව දැන් රටම දන්නේ ලංසා පවුල ගැනය.
මාධ්‍යවේදින්ට පවා මහදවල් පහරදිමට නගරසභා සේවකයන්ට කොන්ත්‍රාත් දුන් නගරාධිපති දයාන් ලංසා ගැනය.
එපමණක් නොව නගරාධිපති දායන් ලංසාගේ බඩියෙකු ලෙස මාධ්‍යවේදින්ට පවා පහර දෙමින් කටයුතු කළ නගර සභා සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමක රුපියල් කෝටි 31 ක් තිබිම ගැනය.
එකි සේවයකයා අත්අඩංගුවට ගැනිමට දින 2 කකට නගරාධිපති දයාන් ලංසාගේ  පවුලේ පුද්ගලික සාදයකටද හවුල් වි තිබුණි.
මේ කරුණු ගැන දැන් රටම දනි.
මිගමුව තුල ඇති අවසනාව වන්නේ මෙසේ නගරාධිපතිලාට චණ්ඩියන් සේ හැසිරෙන්නට ඉඩලැබි ඇත්තේ කොන්ද පණ ඇති විපක්ෂය මිගමුවේ නොතිබිම නිසාය