
මීගමුව මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබු බව මාධ්‍ය විසින් දැනටමත් අනාවරණය කොට තිබේ
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් සොයාගත් බවය.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 60ක් බවද සදහන්ය

එසේම එම යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියලුම බුද්ධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව මෙම වැටලීම සිදුකර තිබුණු
මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී තිබුණි.අත්අඩංගුවටගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ ආකාරයෙන් බහුදින යාත්‍රාද යොදාගෙන සිදුකරන්නට පටන් ගෙන ඇති මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සැබැ අයිතිකරුවන් කව්ද යන්නයි?