මිගමු රෝහලෙන් කම්බි උස්සලා

0
74

මීගමුව රෝහලේ තිබූ  විදුලිය සැපයුම් හා සම්බන්ධ වයර්  තොගයක් සොරකම් කර ඇති බව පසුගිය දිනවල වාර්තා විය.  මෙම කම්බි තඹ වර්ගයේ කම්බි වන අතර අකුණු වැදීම් වැලැක්වීම සඳහා සවිකරන ‘‘බිම් කම්බිය ‘‘  ලෙස හඳුන්වන   කම්බි වර්ගය මෙලෙස සොරකම් කර ඇත.  මෙම කම්බි තොගය සොරකම් කර ඇත්තේ  මීගමුව රෝහලේම සේවය සඳහා යොදවා සිටි පෞද්ගලික ආයතනයකින් පැමිණ සිටි කාර්මික නිළධාරීන් දෙදෙනෙක් බව පසුව හෙළිවී ඇත. මේ වනවිට
මෙම සොරුන් දෙදෙනා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව වාර්තාවේ.531319_10151468785640416_1530188564_n