මිගමු රෝහලේ තාප්පය සහ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ?

0
217

 ( 5.30 pm  ) දැනට මාස 04 ක 05 ක පමණ කාලයක පටන් තවමත් ඉදිකරමින් පවතින මීගමුව මහ රෝහලේ ඉදිරිපස තාප්පයේ වැඩ තවමත් අවසන් වී නොමැත.IMG 20250116 WA0035

රෝහලේ කාර්ය මණ්ඩල වල සිටින බොහෝ දෙනකු  ඇතුළු රෝහලට නිතරම යන එන රෝගී ජනතාව පවා ප්‍රකාශ කළේ මෙම තාප්පය ඉදිකිරීම අනවශ්‍ය මුදල් නාස්තියක් බවයි.

මෙහිදී චෝදනා එල්ල වූයේ මේ කාර්යයට අත ගසා ආරම්භ කළ රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරයාටයි.

අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු රෝහලේ ගුණාත්මක වශයෙන් සපුරා ගත යුතු අඩුපාඩු රාශියක් තිබියදී අනවශ්‍ය ලෙස රජයේ එනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් වැය කරමින් මෙලෙස ප්‍රයෝජනයක් නැති ඉදිකිරීම් කිරීම අනවශ්‍ය මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කිරීමක් බව දැන් වඩාත් පැහැදිලිව පෙනි යයි .IMG 20250116 WA0037

මේ පිළිබඳව පසුගිය වසරේ දෙසැම්බර් 16 වෙනි දින  “” මීගමුව රෝහලේ අනවශ්‍ය මුදල් නාස්තියක් ! හිටපු අධ්‍යක්ෂකටත් චෝදනාවක් !  “”  යන සිරස්තලය ඔස්සේ  මීපුර වෙබ් අඩවියේ විශේෂ ප්‍රවෘත්තියක් ද අප විසින් පල ⁣කලෙමු.

මෙම තාප්පය සමහර ස්ථානවලින් බිම් මට්ටමටම කඩා දමා අලුතින් ඉදිකිරීමට සැලසුම වී තිබුණු බව ද වාර්තා වුනි. එවැනි ස්ථාන අද වන විට ඉටි රෙදි ඇද දමා වසා දමා ඇති ආකාරයද දැක ගත හැකිය.  එම ස්ථාන වලින් ඕනෑම  අනවසර වංචනික  සහ අනීතික ක්‍රියාවක් සිදුවිය හැක.පමණක් නොව රෝහලකට තරම් නොවන අවලස්සන අපිරිසිදු තත්වය පෙනි යයි . තාප්පය කඩා ඉවත දැමු සිමෙන්ති ගඩොල් කෑලි පවා දැන් මාස ගණනක සිට රෝහලේ දැනට භාවිතා නොකරන දකුණු පැත්තේ පිවිසුම් දොර අසල දක්නට හැකිය.

.
පසුගිය කාලය තුල සමාජ මාධ්‍ය වලින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට පදනම් විරහිතව චෝදනා කර සිටියේ රෝහල් වල ඇත්ත අවශ්‍යතාවන් ගැන තීන්දු කළ යුතු අන්දම ගැන පළකරන ලද අදහස ගැනය.
සෞඛ්‍ය ඇමතිවරයා කියන්නට යෙදුණ ඒ සත්‍ය කථාවක් කුමක්දැයි නිවරදිව  තේරුම් ගැනිමට මිගමුව රෝහල් තාප්පෙන් වුවද හැකිය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here