මිගමුවට මේ දවස් වල මාලු හිඟයි.එහෙම වුනත් මිගමුවේ කොටුව පිට්ටනිය ලග මාලු කඩේ විවිධ මාලු වර්ග අඩුමිළට වෙලෙන්දෝ විකුණනව කියල ආරංචි වුනා.
එහෙනම් අනිවාර්යයෙන්ම කන්න තරම් ප්‍රමිතියක් නැති අයිස් මාලු තමයි මේ විකුනනව ඇත්තේ කියල සැකයක් කිපදෙනෙකුටම හිතිලත් තිබුණා.
මාලු හොදටම තියෙන කාලෙත් තරමක් ඉහල මිලක තිබුන මාලු අද මිගමු වැල්ලේ තිබුනේ පට්ටම අඩුමිලකට
ලින්නො, කරට්ටයෝ,සුරාපරව්,රන්නෝ වගේ ඉන්න පොඩි ගල් මාලු තිබුන.
මේව කිලොවක මිල රු 200ත් 400ත් අතර මිලක තමයි පැවැතුනේ.
අපි හිතුව වගේම මේ මාලු අරන් ගිහින් උයපු කිපදෙනෙක්ම මිපුර අමතල කිව්වෙි ඇයි මේ විදියට කන්න බැරි මාලු මේ මාලු කඩේ විකුණන්නේ කියල.
එක්කෙනෙක් උයපු මාලු ඇතිලියක පින්තුරෙකුත් එවල තිබුන.එයාල කියල තිබුන මාලු නැතුව බත් කන්නේ නැති බල්ලත් මේ මාලු නොකා ඉතුරු කරල තිබුන කියල.

දැන් මේ විදියට අයිස් මාලු විකුණන නිසා පහුගිය දවස්වල ලොකු ප්‍රශ්ණයකුත් ඇතිවෙලා තිබුන.
දැන් ආයෙත් මේ සෙල්ලම පටන් අරන් වගේද?
මේ ගැන අපි වැල්ලවිදියේ ධිවර ඒකාබද්ධ සංවිධානයේ නිලධාරින්ගෙනුත් විමසුවා.එයාල කිව්වේ අපි අයිස් කරපු ප්‍රමිතියකින් තොර මාලු විකිණිම තහනම් කරල තිබුනත් මේ වැඩේ ආයේ වෙනව කියල පෙනෙන බවයි.


රද්දොළුව ප්‍රදේශයේ අයෙකු කියා සිටියේ මේ දවස්වල මාලු කාරයෝ ගෙදරට එන්නෙත් නැතිනිසා මිගමු ටවුමට ආපු ගමන් වැල්ලෙන් පොඩි ගල්මාලු කිලොවක් රැගෙන විත් උයාගත් පසු බල්ලෙක්වත් නොකන නිසා විසිකල බවය
.