මිගමු සමුප බැංකුවේ ලක්ෂ 62 ක මුල්‍ය වංචාවක් !

0
72

19182736323-bia-gold-confiscatedඅප කළින් ද සදහන් කළ පරිදි මිගමුව සමුපකාරය දැන් දිනපතා පුවත් මවන තැනක් බවට පත්ව තිබේ.
මෙවර අපට වාර්ථා කරන්නට ඇත්තේ බරපතල කථාවකි.
එනම් සමුප බැංකුව සිිදුවුන මුල්‍ය වංචාවකි.
එය අමුතු ආකාරයේ එකකි. සාමාන්‍යයෙන් බැංකුවලින් රන්බඩු උගස් තබා මුදල් ගැනිමට සමාන්‍ය ක්‍රමය වුවත් මෙවර සමුප බැංකුව තුල සිදුව ඇත්තේ රන්බඩු උගස් නොතබා එකි බඩු උගස්තබා ඇති බව ව්‍යාජ ලෙසින් පෙන්වා ලක්ෂ 62 කට ආසන්න මුදලක් වංචා කර තිබිමක් ගැනය.
මේ පිටුපස සිටින අයට අනුබල දි ඇතැයි කියැවෙන්නේද වෙනින් කව්රුත් නොව ඇතැම් ලොක්කන්මය.
කෙසේ වෙතත් බැංකුවක් තුල මේසා බරපතල මුල්‍ය වංචාවක් සිදුව තිබුනේ නම් අදාල අය වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කොට විමර්ශනයක් සිදුකළ යුතුව තිබේ.
එය සමාන්‍ය සම්ප්‍රදායයි.
එහෙත් මෙහිදි සිදුව අතැයි කියන්න් ආදලා වංචාව සිදුකලැයි පිළිගත් අය විසින් අදාල මුදල් බැංකුවට ගෙවන පොරොන්දුව පිට වංචාව යටගැසිමයි.
මෙය අතිශය භායනක තත්වයකි.
හොරකම් වලට උඩගෙඩි දිමකි.
සමුපාකාරයේ සාමාජිකයන් මේ තත්වයන් මෙලෙසින් සිදුවිමට තවත් ඉඩදි බලා සිටින්නේද ?