මිගමු සුන්දර මෝර වලේ ගල්පරය පුපුරා යන්නට පටන් ගනි ?

0
399
IMG 20211024 103150
IMG 20211024 103106

කලබලකාරි සමාජ පරිසරයක දිවි ගෙවන ජනයා හට පරිසරය විදගනිමින් විවේකයක් ලබන්නට නොමිලේම මීගමුවේ ඇති ප්‍රධාන තැන වන දුවේ පිහිටි මෝරවලයි.
මුහුදු පරිසරයට ආදරය කරන ජනයා හට ඒ් අත්දැකිම උපරිමයෙන් ලබන්නට හැකි මිගමුවේ ඇති හොදම තැන මෝරවල යැයි කිව්වොත් ඒය නිවරදිය.
මුහුද සැර නැති වලාල කාලයට මෝරවල සැබැවින්ම ස්වාභාවික පිහිනුම් තටාකයක් වැනිය. ඒ අසල පිහිට ස්වාභාවික ගල්වැටිය නිසා සැර මුහුද රළින් මෝරවල තුලට ගමන් කිරිමට බාධාවක් සේ පවතින නිසා වලාල කාලයට ඒය සැබැවින්ම දැවැන්ත පිහිනුම් තටාකයක් සේ දිස්වේ.
මේ අගනා සුන්දර මෝරවලද ඉදිරියේදි ජනයාට අහිමිව ගොස් දැවැන්ත පරිසර විනාශයක් ඇතිවන ලකුණු දැන් දිස්වන්නට පටන් ගෙනය.
ප්‍රදේශයේ ධිවරයන් පවසා සිටින පරිදි මෝරවල පිහිටි ඒ් ස්වාභාවික ගල්පරය මේ වන විට තැනින් තැන ඉරි තැලි පුපුරා යමින් කඩන් වැටෙන්නට පටන් ගෙන තිබේ.
වරාය නගරය ඉදි කිරිම සදහා විශාල වැලි ප්‍රමාණයක් මුහුදෙන් රැගෙන තිබිම නිසා එහි අහිතකර බලපෑම බටහිර සහ වයඹ වෙරළ තිරයන් වෙත තදින්ම දැනෙන්ට පටන් ගෙනය.
ධිවරයන් කියා සිටින්නේ මෝරවලේ ඒ් දැවැන්ත ගල්පරය පවා පුපුරා යමින් ඇත්තේ වරාය නගර ඉදිකිරිමට වැලි ගැනිම හේතුවෙන් සිදුවෙමින් ඇති පරිසර විනාශයේ ප්‍රථිපලයක් විය හැකි බවය.

IMG 20211024 103225


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here