”මිනිමරුවෙක් වෙනුවෙන් මට පෙනි හිටින්න බෑ” ! රංජන් හිරු නාලිකාවට කටවහගන්නම දුන්න උත්තරේ !

0
98

Ranjan R 1

මුතුරාජවෙල ගොඩකරමින් සිදුකරගෙන යන පරිසර විනාශයට එරෙහිව ඒ ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කොට තිබුණ උද්ඝෝෂණයකට පැමිණ සිටි එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා/ඇමතිවරයා වු රංජන් රාමනායකට එරෙහිව හිරු නාලිකාව විසින් සිදුකරන්නට යෙදුන පක්ෂග්‍රාහි මඩ පුවතට එරෙහිව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් පැහැදිලි පිළිතුරක් සිය ෆේස් පිටුව මගින් සපයා තිබුණි.
ඇත්තටම එරෙහිදි සිදුව තිබුණේ පරිසරය විනාශ කිරිමට පක්ෂය පෙළගැසුනු ධනකුවේරයෙකුගෙන් රු 5000 බැගින් අරගෙන විරෝධයක් සංවිධානය කර තිබුණ 30 ක් පමණ වන පිරිසකගෙන් රංජන් රාමනායකට එල්ල වු විරෝධය ගැන පමණක් හිරු නාලිකාව විසින් උලුප්පා පෙන්වා තිබිමයි.
මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව 400 පමණ ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබුණ උද්ඝෝෂනයට පැමිණ සිටි එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වුයේද රංජන් රාමනායකය.
පොලිසියත් ආණ්ඩුප පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේදි දේශපාලකයන් මේ පරිසර විනාශය අනුබල දෙමින් ධනකුවේරයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව රංජන් රාමනායක මෙහිදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි.

පහත පළවන්නේ හිරු ගැන රංජන් ලිය පණිඩිඩයයි.

 

 

...මට ඔය නාළිකාව යොදාගෙන කොච්චර මඩ ගැහුවත් මට අධිකරණයෙන් වැරදි කරු කරපු මිනිමරුවෙක් වෙනුවෙන් පෙනිහිටින්න බැහැ, ඕන පක්ෂයක් ඕන දේශපාලකයෙක් ප්‍රචාරය පෙන්නලා ඕගොල්ලෝ මට්ටු කලාට මේ රන්ජන්ව මට්ටු කරන්න බැහැ, අය්යේ ඔයා ශේප් එකේ ඉන්නවනම් ඔයාගේ නිව්ස් අපි දාන්නම් කියල කෝල් දෙන්නත් එපා.

ඔව්, ඊයේ අපිට විරෝධයක් ආව, විරෝධය ආවේ මේ නාලිකාව කිව්වා වගේ දෙපාර්ශවයෙන්ම නෙවෙයි, පරිසරය විනාශ කරනවට කැමති කට්ටියගෙන්, ඒක හරියට අනිත් සියළු නාලිකා සහ පත්තර වාර්තා කලා, පාර්ලිමේන්තුවේ ඔය නාලිකාව ගැන කතාකළේ මේවා බලාපොරොත්තුවෙන් තමයි