මිනිමරු රාජපක්ෂලා බිලිගත් මාධ්‍යවේදින් 44 ගැන මුනිවත රකින අය අද ජෝන්ට විරුද්ධව කොටුවට ?

0
82
batti 7
සිවරාම් මාධ්‍යවේදියා සමරමින් මඩකලපුවේදි
මිනිමරු රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කළ මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස රටපුරා පැවැති විරෝධතාවය කුරුණැගලදි

ජෝන් අමරතුංග  ඇමතිවරයා විසින් බෙනට් ෆර්ඩිනැන්ඩස් යන මාධ්‍යවේදියාට එරෙහිව පරුෂ චචනයෙන් බැන වැදි පහර දිමට සැරසිම ඉලක්ක කොට ගෙන රටතුල මතුව ආ විරෝධයේ පෙරමුණ  ගන්නට ඒකාබද්ධ විපක්ෂය දැන් කිසිදු ලැජ්ජාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් තිබේ.එමෙන්ම රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරන්නට යෙදුන මාධ්‍යවේදින් 44 දෙනා ගැන පසුගිය කාලය තුල මීක් කිවේ නැති මාධ්‍ය සංවිධානයක්ද මේ විරෝධතාවයට දැන් පෙරමුණ ගෙන ඇති බව සාමාජ ජාලා බැනර් විසින් මතුකර තිබේ.
ඇමති ජෝනගේ ක්‍රියාකලාපය මුළු රටම හෙළාදකිනාවට කිසිදු සැකයක් නැත.ඒ හැසිරිම ගැන රටපුරා විසිර සිටින මාධ්‍ය ප්‍රජාවද පිලිකුලෙන් යුතුව බැහැර කරන බවටද සැක නැත.

සුගිර්තරාජන් සමරුව – මඩකලපුව

මේ අතර ජෝන් – බෙනට් සිදුවිම අරභයා මාධ්‍යවේදියාගේ ආචාර ධර්ම පිළිබදව පුලුල් සංවාදයක් දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවෙිදින් අතර ඇතිව තිබේ.
අද කොළඹ පැවැත්වෙන විරෝධය ගැන කටයුතු කරන පොලොන්නරුවේ දඹුල්ලේ හම්බන්තොට සහ පුත්තලමේ ඉන්න ප්‍රාදේශිය මාධ්‍යවේදින් දන්නේ ජෝන් ඇමතිවරායාගේ මාධ්‍ය මර්ධනය  ගැන පමණි.
බෙනට්ගේ ආචාරධර්ම විරෝධි මාධ්‍ය භාවිතය ගැන ඔවුන්ද දැන සිටියද ඒ ගැන ඔවුන් නිහඩය එපමණක් නොව අද විරෝධය සංවිධානය කරන ඇතැම් ප්‍රාදේශිය මාධ්‍යවේදින්ද හරියට බෙනට්ගේ අයියාලා මල්ලිලා වැනිය.මන්ද බෙනට්ගේ මෙන්ම ඒ අයගේ ද මාධ්‍ය භාවිතය ගැන ගැටළු රැසක් ඒ පළාතත් රටත් දන්නා නිසාය.
හම්බන්තොට වරායේදි ගැටළුවක් ඇති කරගත් හිරු මාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරය ගැන ඒ සිදුවිමෙන් පසු හොදටම දන්නේ හම්බන්තොට රාහුල්ලාය..ඒ පුද්ගලායාත් බෙනට්ලාගේ වල්ලේම තවත් ගෙඩියකි.
නිමල්රාජන් සමරුව -යාපනය

කෙසේ වෙතත් යහපාලනයේ මාධ්‍ය මර්ධනය ගැන කොළඹට එන්න යැයි කියන ජාතික මාධ්‍ය එකමුතුව නම් වු සංවිධානය  මිනිමරු රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගැන පසුගිය වස 2 පුරාවට කිසිදු ප්‍රසිද්ධි විරෝධතාවයක් හෝ සැමරුමක් සංවිධානය කර තිබුනේ නැත. ඒ ඇයි ?
බෙන්ට්ගේ මාධ්‍ය භාවිතාවට වඩා ඒ 44 දෙනාගේ මාධ්‍ය භාවිතය ගැන ගැටළුවක් ඇති නිසාද ??????