ශ්‍රී ලංකාවේ සිදුවූ අඳුරු යුගයක් පිළිබඳව වේදනාත්මක මතකය මෙන්ම කිසිදිනක නැවත සිදුනොවිය යුතු මාතෘකාවක් වන දේශපාලන බලය පාවිච්චි කරමින් පුද්ගලයින් මරාදැමීම හා අතුරුදහන්කරවීම පිළිබද බේදවාචකය වර්තමාන ජන සමාජය හමුවේ දිගහරින සිනමා නිර්මාණයක් වන රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අද මීගමුව ඇක්වා ලයිට් සිනමා ශාලාවේදී පැවැත්වේ. අද සවස මෙම ස්ථානයට අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ මව්වරුන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වුයේ ශ්‍රී ලංකාවේ සිදුකෙරුන අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අරගලයේම කොටසක් ලෙසිනි. ඔවුන් විසින් අද සවස 5.00 පමණ මෙම ස්ථානයේදී පත්‍රිකා බෙදිමක් සිදුකරනු ලදී.