




මේ වැටලීමට සම්බන්ධවූ නිලධාරීන් වන්නේ විශේෂ මෙහෙයුම් ප‍්‍රධානී කේ.ආර්.කේ. සමරසේකර, නලින් ශ‍්‍රී ජගත් ,සමන් ප‍්‍රසන්න,දර්ශන සෙනරත්, කපිල සමරජීව, සරත් පරණගම යන මහත්වරුන්වේ.ග
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට 2010. 10.14 දින අලූයම ලැබුණ ඔත්තුවක් අනුව ඔවුන් මීගමුව වෙරළට ගොස් තිබුණේ කැස්බෑ දඩයමකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහායි. මේ බෝට්ටුවේ මරා දමනු ලැබූ කැස්බෑවන් තිදෙනෙකු වූ අතර මේ ඝාතනයට වගකිවයුතු ධීවරයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් කෙසේ හෝ පලාගොස් තිබුණි. අනෙකා දැන් අත්අඩංගුවේය. උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙතරම් වැටලීම් සිදුකළ ද කැස්බෑ මස් මීගමු වැල්ලේ හොර රහසේ තවමත් ජයට විකිණේ. අවුරුදු සිය ගණනක් ආයු ලැබූ මේ අහිංසක සතුන් මස්කර විකුණන්නට මේ ධීවරයන්ට කියා දෙනු ලැබූවේ කිනම් දහමක් විසින් ද ?
මේ වැටලීමට සම්බන්ධවූ නිලධාරීන් වන්නේ විශේෂ මෙහෙයුම් ප‍්‍රධානී කේ.ආර්.කේ. සමරසේකර, නලින් ශ‍්‍රී ජගත් ,සමන් ප‍්‍රසන්න,දර්ශන සෙනරත්, කපිල සමරජීව, සරත් පරණගම යන මහත්වරුන්වේ.ග