මිනුවන්ගොඩදී, සජබ ක්‍රියාකාරිකයකු, ජන බලවේග ක්‍රියාකාරියෙකුට කඩුවකින් පහර දෙයි

0
98

මිනුවන්ගොඩ, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ජාතික ජන බලවේගය පක්ෂයේ පුද්ගලයෙකුට එම ප්‍රදේශයේම පදිංචි සමගි ජන බලවේග පක්ෂයේ පුද්ගලයෙකු පසුගිය 25 (2024/08/25) වැනි දින රාත්‍රී ඔහුගේ නිවසට ඉදිරිපිටදීම  තියුණු ආයුධයකින් පහරදී ඇතැයි වාර්තා වේ.
මීට පෙර ද වතා කිහිපයකදීම මෙලෙස මෙම පහර කෑමට ලක් වූ පුද්ගලයාට ,ගම තුළ ජාතික ජන බලවේගයේ  දේශපාලන කටයුතු සඳහා ක්‍රියාකාරී නොවන ලෙසට  මෙලෙස පහර දී ඇති සමගි ජන බලවේග පක්ෂයේ පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවද වාර්තා වුණි.
ඒ අනුව පසුගිය 25 වැනි දින රාත්‍රි තම නිවස ඉදිරිපිටට පැමිණ, පරුෂ වචනයෙන් බැණ , තම නිවසට අලාභ හානි සිදුකොට, තමන්ට කඩුවකින් පහර දුන් බවට මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයා විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂයේ පුද්ගලයෙකු වන අදාල සැකකරුව  මිනුමන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව එම සැකකරුව මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  එළඹෙන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.