මිනුවන්ගොඩ කලබල ඇතිකළ මැරයන් 14 ක් මැයි 29 දක්වා බන්ධනාගාරයට !

0
161

FB_IMG_1557842212228(7.20 pm ) මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් කඩවලට සංවිධානාත්මක පහර එල්ල කරන ලද කල්ලිවල 14 දෙනෙකු පොලිසිය විසින් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මේ පිරිස මැයි මස 29 දින දක්වා බන්ධනාගාරගත කිරිමටද නියෝග ලැබි තිබේ.
මේ කලබල මෙහෙයවා ඇත්තේ පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මධුමාධව විසින් බව තමන් ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකර මාධ්‍ය හමුවේ අද පවසා තිබුණි.
මේ අතර පොලිසිය හමුදාව එක්ව  නිතිය තදින්ම ක්‍රියාත්මක කිරිමටත්  අවම බලය වෙනුවට උපරිම බලය භාවිතා කිරිමටත් සුදානමින් සිටි.නිලනොවන ආරංචි මාර්ග දක්වා සිටින්නේ මිනුවන්ගොඩ නගරයේ කඩ 40 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ විනාශ කර ඇති බවයි.
පසුගිය දිනවල කලබල ඇතිකිරිටම මුල්ව කටයුතු කළ පිරිස් අතර පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් සිටින බවට දැනටමත් චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.
බෝමබ ප්‍රහාරයෙන් පසු සති 2කක් තිස්සේ සන්සුන්ව පැවැති මිගමුව තුල මතුව ආ පුද්ගලික අාරවුලක් දුරදිග ගෙන යාම පිටුපසද පොහොට්ටුවේ ඇතැම් පිරිස් සිටින බවට චෝදනා එල්ලකර තිබුනේද ගරු පියවරුන් විසින්මය.

ඡායා-AFP

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here