මිනුවන්ගොඩ ගම්මාන 3 ක් හුදකලා කෙරේ .! 500 කට ආසන්න පිරිසකට PCR පරික්ෂණ ..

0
159

PCRබෑන්ඩික්ස් ආයතනයේ සේවයකරන සේවක සේවිකාවන්ට කොරෝනා වෛරසව ආසාදනය විමත් සමග එම සේවක සේවිකාවන්ගේ ලගම ආශ්‍රිතයන්ටද  කොරොනා වෛරසය ආසාදනය විමට පටන් ගැනිම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ගනිහිමුල්ල,  පේරලන්දවත්ත , සහ හැලකන්දන යන ගම්මාන තුන අද උදැසන සිට හුදකාලා ගම්මාන බවට  පත්කර ඇති බව වාර්තා වේ
මෙයට අමතරව බෑන්ඩික්ස්  ආයතනයේ සේවයකරන සේවක සේවිකාවන්ගේ  ලගම ආශ්‍රිතයන් ලෙසින් හදුනා ගෙන ඇති  පෙර පසල් ළමුන් පාසල් ලමුන්ද ඇතුළු පන්සියයකට ආසන්න පිරිසක් අද 15 දින දෙවොලපොල පොල භුමියේදී PCR පරික්ෂණයට භාජනය කර තිබුණි