මිනුවන්ගොඩ පොලිසිය ”ලොක් ඩවුන් “???

0
107

Image66(දෙවන සංස්කරණය ) මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ පවත්වාගෙන ගිය තැනැත්තා කොරෝනා අසාදිතයෙකු ලෙසින් හදුනාගැනිමත් සමඟ මිනුවන්ගොඩ පොලිසිය ”ලොක් ඩවුන් ” කර ඇතැයි වාර්ථාවේ.
ආපන ශාලාවේ කොන්ත්‍රාත්කරුගේ පුතා බ්‍රැන්ඩික්ස් සේවකයෙකු වන අතර ඔහුද කොරොේනා ආසාදිතයෙකු බව ඊයේ හදුනාගෙන තිබුනි.
වාර්තා වන අන්දමට 250 ක ආසන්න ප්‍රමාණයක් පසුගිය දිනවල මිනුවන්ගොඩ පොලිසිය තුල සේවය කරමින් සිට ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබුනේ මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්ත සියලුම නිළධාරින් PCR  පරික්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බවය.
මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසා ඇතැයි මව්බිම අඩවිය වාර්ථා කර සිටින්නේ මිනුවන්ගොඩ පොලිසිය වසා දමා නැති බවයි.