මිනුවන්ගොඩ හා කුරුණෑගල බස් වර්ජනයක්.

0
105

කොළඹ සිට කුරුණෑගල හා මිනුවන්ගොඩ දක්වා ගමන්ගන්නා පෞද්ගලික බස්රථ අද දිනයේ සිට ධාවනයෙන් ඉවත් වෙමින් වර්ජනයක නිරත වෙමින් සිටිනවා. ඒ මිනුවන්ගොඩ බස්නැවතුම්පළේදීයි. එයට හේතු වශයෙන් ඔවුන් සදහන් කරන්නේ තම ගමන් මාර්ගයේ බස් අතිරික්තයක් පවතින අවස්ථාවක තවත් ලංගම බස්රථ දෙකක් එම මාර්ගයට එක් කිරීම නිසා තමන්ගේ ගමන්වාර සදහා මේ තත්වය විශාල ප්‍රශ්ණයක් සිදුවන බවයි. මෙම වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර මේ සදහා නිශ්චිත විසදුමක් ලැබෙන තුරු වර්ජනය අත් නොහරින බවත් බස්රථ හිමිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

7d36d6a16d3bf300b1297a9af4f0a47b_XL