මිපුර ඉඩමට ධිවර මහල් නිවාස යෝජනා ක්‍රමයක් ????

0
246

මීගමුව වැනි අධිජනාකිර්ණ නගරවල දිනෙන් දින බරපතල අර්බුදයක් ලෙසින් මතුව එන ඉඩම් හා නිවාස ප්‍රශ්ණ විසදිම සදහා ඉතාමත් විධිමත් විද්‍යාත්මක ප්‍රවේශයක් අවැසිව ඇත්තේ මිගමුවට ඇති ඉඩම් වල ඇති සිමා සහිතකම නිසාමය.
මේ නිසාම දිස්ත්‍රික්කයකට මෙන්ම සැම ප්‍රාදේශිය ලේකම් කෝට්ටාශයකටම ඒ කරුණ භාරව නිලධාරියෙකු සිටි.
ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් පිළිබදව ප්‍රමුඛ අවධානයක් යොමුකිරිම මේ නිළධාරින්ගේ ප්‍රධානතම අරමුණයි.,එහෙත් අවාසනාවකට මිගමුට එන්න බොහෝ රාජ්‍ය නිළධාරින් බලන්නේ පාලකයන්ටද අන්ත දුෂිතයන් බැවින් ඉන්න කාලය තුල හැකි තාක් වංගු ගසා අමතර අදායම් වැඩිකරගැනිමටය.
ඉඩම් තියා වෙනත් කවර ක්ෂේත්‍රයක් සදහා වුවද මෙය පොදුකරුණක් බවට පත්වෙමින් තිබේ.


ඒ නිසාම මිගමුව වැනි නගර දැනටමත් දැවැන්ත අර්බුදයක් අභියසට ගමන් කරමින් තිබේ.
තතු මෙසේ තිබියදි මිපුර මහනගර සභාවට අයත් එක්තරා ථෙතිහාසික ඉඩම් ප්‍රදේශයක් අරභයා පසුගිය කාලය තුල ලොකු කතා බවක්ද මතුව තිබුණි.
එනම් මිගමුවේ පැරණි නගර සභා ගොඩනැගිල්ල තිබුන පසුව එය ප්‍රකට සිනාම ශාලාවක්ද බවට පත්වු මිපුර ඉඩමයි.
නගරාධිපතිවරයා පසුගිය කාලය තුල බලහත්කාරයෙන් මේ භුමිය තුල කසල අංගනයක් ස්ථාපිත කිරිමට යාමේදි එයට දැඩිව විරෝධය ගම්වාසින් ඒ ව්‍යාපෘතිය පරාජය කරදැමු අතර එයට විපක්ෂයේ ඇතැම් ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන්ගේද සහය ලැබුණි.
අකමැත්තෙන් වුව අකුලා ගත් මෙම ව්‍යාපෘතිය ඉදිකිරිමට ගිය ස්ථානයට අදාලව දැන් නගරාධිපතිවරයා විසින්ම හෙට පැවැත්වෙන මහසභාවට යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබේ.
එයට අනුව ජනතාව ඒ භුමිය තුල උත්සව ශාලාවක් හෝ ධිවර මහල් නිවාස යෝජනා ක්‍රමයක් ඉල්ලා සිටි.
එහෙත් ධිවරයන්ගේ ද ඉල්ලිම වු ධිවර මහල් නිවාස යොජනා ක්‍රමයක් යන යෝජනාව පසෙක තබා දැන් නගරාධිපතිවරයා විසින් උත්සව ශාලාවක් ඉදිරිකිරිමට යෝජනා කර සිටි.
මිගමුව අද මුහුණ දෙන සැබැ අභියෝගය හමුවේ අද මෙවැනි භුමියක් වඩාත් ප්‍රශස්ත ලෙසින් යොදාගනිමින් කළයුත්තේ කුමක්ද යන්න ගැන වඩාත් නිවරදි තිරණයක් ගතයුතුව තිබේ.
මන්ද භුමිය යන සම්පත ඉතාමත් සිමිත බැවිනි.
දැනට අගමැති මහින්ද රාජපක්ෂ යටතේ නාගරික මහල් නිවාස සංකිර්ණ වැඩසටහනක්ද ක්‍රියාත්මකව පවතින පසුබිමක නිවාස අහිමි ධිවර ජනයාට හට ප්‍රමුඛතාවය ලබාදෙමින් ධිවර මහල් නිවාස යෝජනා ක්‍රමයක් අද මිගමුවට වඩාත් සුදුසු එකක් සේ පෙනේ.
එහෙත් නගරාධිපති හදන්නේ උත්සව ශාලාවක් ඉදිකරමින් මේ භුමියේ වටිනාකම එවැන්නටක පමණක් සිමා කර ලිමටය.
එය සැබැවින්ම අපරාධයකි