මිපුර මාධ්‍යවේදියාට තර්ජනය කොට කැමරාවේ ඡායාරූප විනාශ කළ මැරයන් නගරාධිපතිගේ සමිප ගෝලයන් බව හෙළිවේ !

0
136
Dayan කපිල
රවුම් කොට ඇත්තේ කපිලා කොරලගේ නම්වු නගරාධිපති කාර්ය මණ්ඩල සේවකයෙකි.

මිගමුව පෙරියමුල්ලේ අද සිදුවු අනවසර ඉදිකිරිමක් ඉවත් කරන්නට  නගර සභාව කටයුතු කරමින් සිටියදි එය වාර්ථා කිරිමට ගොස් සිටි මිපුර වෙබ් අඩවියේ වාර්ථාකරු සැම්සන් ඥානසිරි මහතාගේ කැමරාව රැගෙන එකි සිදුවිමට අදාල ඡායාරූප සියල්ලත් තවත් ප්‍රවෘත්තිමය වැදගත්කමක් ඇති ඡායාරූපද මෙසේ මකා දමා ඇත.
මේ මැර මෙහෙයුමට නායකත්වය දි තිබුනේ මිගමුව පුරපති දයාන් ලංසාගේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන කටාන ප්‍රදේශයේ පදිංචි කපිල කෝරලගේ නැමැත්තෙකි.
මෙයට අමතර තවත් පිරිසක් එක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා කියා සිටියේ මාධ්‍ය නිදහසට මිගමුවේදි රාජපක්ෂ හිතවාදි දේශපාලකයන්ගෙන් දිගින් දිගටම එල්ලවන මැර තර්ජනවලට අදාල උපරිම ක්‍රියාමාර්ග ගැනිමට තම සංගමය කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here