මිපුර වෙබ් අඩවියේ පළවු ”තොප්පි” පුවත ගැන නගරාධිපති කලබල වෙලාලු ????

0
65

dayan lansa mayor

මීගමුවේ ධිවරයන් මෙන්ම කරවල නිෂ්පාදන ප්‍රජාවද අද බරපතල අසරණ භාවයකට පත්ව සිටිති. ඒ අය හමුවි අවස්ථාවේදි ඔවුන් මේ පත්ව ඇති අසරණ තත්වය ගැන මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුණි.
ඒ ගැන පළකරමින් අප අද උදේ පළකළ පුවතක් සදහන් කර තිබුනේ මිගමුවේ අසරණ වු ධිවරයන් ගැන බලන්නට දැන් දේශපාලකයන්ද නැති බවය.
ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මැදහත්ව රජය මගින් හෝ ධිවරයාගේ මාළු මිලට ගැනිමට සහ ඔවුන්ට යම් සහනයක් සැලසිමට කටයුතු කළ යුතුව තිබුනද මේ වනතුරුත් එවැන්නක් සිදුව ඇති බවක් ධිවරයන් විසින් මාධ්‍ය හමුවේ කියා තිබුනේ නැත.
පසුගිය දිනවල ධිවරයන් හමුවිම සදහා විවිධ ප්‍රදේශවලට ගිය අපට දැක ගැනිමට හැකිවු පොදු කරුණක් වි තිබුනේ ඒ බොහෝ අය හිස මත නිමල් ලංසාගේ නම සදහන් තොප්පියක් තිබෙන අයුරුය.
සැබැවින්ම මේ අසරණ වු ධිවරයන්ට ඉතුරු වි ඇත්තේ සැබැවින්ම ලංසාලාගේ තොප්පි පමණකි.

බහුදින ධිවර යාත්‍රා හිමිකරුවෙකු වන අන්තෝනි මහතා
තතු එසේව තිබියදි අද පෙරුවරුවේ මාධ්‍ය ආවරණ කටයුත්තක නිරතව සිටි මාධ්‍යවේදින් හමුවට පැමිණ එක් බහුදින යාත්‍රා හිමියෙකු කියා තිබුනේ නගරාධිපති දයාන් ලංසා තමන්ට කතා කොට දොස් කියු බවය. එසේ දොස් කියන්නට හේතුව ලෙස ඔහු පැහැදිලි කර සිටියේ  මාධ්‍ය වෙත ඔහු රජයට විරුද්ධව යමක් පවසා ඇතැයි කියාය.
එවැනි පුවතක් කිසිදු මාධ්‍යයක පළව තිබුනේ ද නැතිවා පමණක් නොව අඩුම තරමින් මේ බහුදින ධිවර යාත්‍රා හිමියා පවා එවැනි පුවතක් ගැන කිසිවක් දැන සිටියේද නැත
එහෙත් අප එක් දෙයක් ගැන සතුටුවෙමු .එනම් මිගමුව නගරාධිපති දයාන් ලංසා මිපුර වෙබ් අඩවියේ පළවන පුවත් නිරන්තරයෙන්ම කියවන බවය.
පුවතක් පළකොට පැය කාලයක් ඇතුලත ඒ අය කියවන  බවද අපි දැන් ඉතා හොදින් දනිමු.
අපට දැන් ගැටලුවක්ව ඇත්තේ අපගේ පුවතේ සිරස් තලයේ වු තෝප්පි කථාව ගැන කලබල වෙන මිගමුවේ ප්‍රධාන පුරවැසියා මිගමුවේ ධිවරයන් මුහුණ දෙන අප නිරන්තරයෙන්ම මතුකරන ඇත්ත ප්‍රශ්ණය ගැන කලබල නොවිම ගැනය.
මේ නිසාම ඔහු රාත්‍රි කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ බජව් දමයි. දවල් කාලයේ බත් පාර්සල් දානපතියන්ගෙන් එකතු කරමින් ඒවා බෙදමින් මාධ්‍ය සංදර්ශන පවත්වයි.
යතුර සෙවිය යුත්තේ වැටුන තැන මිස එළිය තිබෙන තැන නොවන බව අපේ රටේ බහුතරයක් දේශපාලකයන් ඕනෑකමින්ම මගහැර තිබේ.
ධිවරයන්ට තොප්පි දමා මනාප එකතු කළ ලංසා පවුලට මීගමුවේ ධිවරයන් අසරණ කොට ඇති ඇත්ත ප්‍රශ්ණයට තවමත් පිලිතුරු සොයන බවක් නොපෙනේ ..
සැබැඳි පුවත
මීගමුවෙ ධිවරයන්ට අන්තිමට ඉතුරු වුනේ ලංසලා දාපු තොප්පි විතරද