මියගිය විදුහල්පතිගේ දේහය පාසැලට නොගෙනාවේ ඇයි ??

0
168

makswel 2රටම කම්පාවට පත්කරමින් සිය දිවි හානිකරගත් මීගමුව සා.මරියා විදුහලේ විදුල්පති මැක්ෂ්වල් මහතාගේ දේහය අවසන් ගෞරවය සදහා ඔහු වසර 10 කටත් වඩා වැඩි කාලයක් සේවය කළ පාසැලට නොගෙනිම පිළිබදව විවිධ අදහස් මේ වන විටත් මීගමුව තුල හුවමාරු වෙන්නට පටන්ගෙන තිබේ.
මේ මරණය පිළිබදව වෙබ් පාඨකයා වෙත නිවරදි තොරතුරු මුලාශ්‍ර මත පමණක් පදනම් වෙමින් ඇත්ත පමණක් බෙදා ගත් මාධ්‍යයක් ලෙසින් මේ පිළිබදවත් අප ඇත්ත තත්වය වාර්ථා කළ යුතුව ඇත.
විදුහල්පතිවරයාගේ මරණය පිළිබදව විවිධ අර්ථ කථන සපයමින් කිසිදු මාධ්‍ය සදාචාරයකින් තොරව මාධ්‍ය කටයුතු කළ අන්දම අප ඉතා පැහැදිලිව නිරික්ෂණය කළෙමු.
මෙහිදි එක් වෙබ් අඩවියක් පවසා තිබුනේ විදුහල්පතිවරයාව ඝාතනය කර වැසිකිලිය ඇතුලට දමා තිබුණ බවය.
පච වපුරා තමන්ගේ පාඨකයා වැඩි කරගැනිමේ රෝගයනේ අප කිසිවිටකත් පෙළුනේ නැත.බොරුවට ආයුෂ නැති බව අප වඩ වඩාත් තේරුම් ගනිමින් තිබෙන්නේ මීගමුවේ සිදුවන සිදුවිම් අරභයා දෙස් විදෙස් මාධ්‍ය බොහොමයක් මෙන්ම ජනතාවද අපගේ වෙබ් අඩවිය අඇසුරු කිරිමට පෙළඹිම තුලින් අප පිළිබදව තබා ඇති විශ්වාසය නැවත නැවතත් සනාථ වන බැවිනි.
මේ පසුබිම යටතේ විදුහල්පතිවරයාගේ දේහය පාසැලට ගෙන නොඒම ගැන එලියේ යන ජනප්‍රිය කථා වලට අපට කටහඩ දෙන්නට අවශ්‍ය නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සා.මරියා විදුහලේ වැඩ බලන විදුල්පති මෙරිල් පිරිස් මහතා සදහන් කළේ විදුහල්පතිතුමා විසින්ම  මීට ඉහතදි එවන් අවසන් ගෞරව දැක්විමේ අවස්ථාවන්  සම්බන්ධයෙන් පැවැති ආකල්පයද සැලකිල්ලට ගනිමින් පවුලේ අයද ඊට ගරු කරමින් කර තිබුන ඉල්ලිම නිසා දේහය පාසැලට ගෙන ඒමට කටයුතු නොකළ බවය.
එහෙත් පාසැලේ සියළු සිසු දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ පුර්ණ සහභාගිත්වය සහිතව අවසන් කටයුතු සිදුවු බවය.