මියන්මාර් අත්අඩංගුවේ සිටි ධිවරයන් අද ලංකාවට ..

0
80
දෙවියන් යඳින ධිවර පවුල්වල අය

මියන්මාරයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මියන්මාර රජය සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව ධීවරයින් නිදහස් කළ බව ඔවුහු පැවසූහ.

අත්අඩංගුවට ගත් ධීවරයින් අද ( 23) මියන්මාරයේ යැන්ගොන් සිට සිංගප්පූරුව දක්වා සිංගප්පූරු ගුවන් සේවයේ SQ761 ගුවන් යානයෙන් ගොස් පසුව සිංගප්පූරුවේ සිට SQ468 ගුවන් යානයෙන් කොළඹට ඒමට නියමිතව තිබේ

මියන්මාරයේ අත්අඩංගුවෙන් නිදහස් වූ පුද්ගලයින් විදේශ අමාත්‍යාංශය පහත පරිදි ලැයිස්තුගත කර ඇත: A.C.I. ප්‍රනාන්දු, එල්.ඒ.මර්මිතා ශ්‍රීලාල්, එච්.එස්. චමින්ද, එච්. ජයන්ත, ඩී.කේ.එස්. හේමචන්ද්‍ර, ඩී.එම්.කේ. මධුශංක, කේ.එම්. ප්‍රනාන්දු, එස්. නානායකර, ඩබ්ලිව්.එන්. ප්‍රනාන්දු, ටී.කේ.එන්. පීරිස්, ජේ.කේ.එස්. ලාල් පෙරේරා සහ ඩබ්ලිව්.ඒ.එස්. ප්‍රනාන්දු.

වර්තමාන සෞඛ්‍ය ක්‍රියා පටිපාටි යටතේ ධීවරයින් නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි