මියන්මාර් හමුදා ජුන්ටාව පිළිබද ශ්‍රිලංකා රජයේ ස්ථාවරයට ජනතා විරෝධය …!

0
161

මිනිමරු මියනමාර් හමුදා පාලනය නිළ වශයෙන් පිළිගනිමින් බිම්ස්ටෙක් සමුළුවට ශ්‍රිලංකාවේ විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන විසින් පසුගියදා යැවු ඇරයුම් ලිපිය පිළිබද දැනටමත් බරපතල රාජ්‍යත්‍රන්ත්‍රික අවුලක් නිර්මාණය වෙමින් තිබේ.
විශේෂයෙන්ම මෙම ඇරයුම සිදුකරන්නට යෙදුන දා පටන් මියන්මාර් ප්‍රගතිශිලි ජනයා විසින් දැවැන්ත විරෝධයක් ශ්‍රිලංකා රජය වෙත එල්ල කර තිබුණ අතර සමාජ මාධ්‍ය වේදිකාවන් තුල මේ විරෝධය ඉතා වේගයෙන් පැතිර යමින්ද තිබුණි.
නිරායුධ වැසියන් 150 කටත් වැඩි පිරිසක් දැනටමත් ඝාතනය කර ඇති මියන්මාර හමුදා ජුන්ටාව පිළිබද ලංකා රජයේ ස්ථාවරයට විරෝධ පළකරමින් අද විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන වෙත ලිපියක් භාරදිමට මියන්මාර ජනතා සහයෝගිතා කමිටුවේ සමාජිකයන් අද කටයුතු කර තිබුණි.,
එහිදි ඔවුන් විසින් ඇමතිවරයාට පවසා තිබුනේ මියන්මාර හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාගේ නමට යවා ඇති මේ ආරාධනා ලිපිය සමබන්ධනේ අපගේ විරෝධය පළකරන බවය.
එමෙන්ම ඒ ඇරයුම ඉවත් කර ගත යුතු යැයිද විරෝධාතාකරුවන් විසින් විදේශ ඇමතිවරයාට දැනුම් දි තිබුණි.
දේශපාලන සංවිධාන ,වෘත්තිය සමිති,තරුණ සංවිධාන,නිදහස් වෙළද කලාප කම්කරු සංවිධාන ,සිවිල් සංවිධාන ,නිතිඥ සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට පැවැති මේ විරෝධතාවයට එක්ව සිටියහ

x-special/nautilus-clipboard
copy
file:///home/acer/Downloads/MPSC-Letter(2).pdf