මිය ගිය කම්කරුවා වෙනුවෙන් අදත් උද්ඝෝෂණ

0
115

P1070616 new‍පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සංශෙෘ්ධන යෝජනාවට එරෙහි නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් දියත් කළ විරෝධයට  එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවල ලැබූ රොෂේන් නමැති තරුණ සේවකයා රාගම රෝහලේදී ඊයේ මිය ගියේය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් ළුෘත්තීය සමිති, කම්කරු සංවිධාන, ධීවර සංවිධාන, කාන්තා සංවිධාන සහ විවිධ නියෝජනයන්ගෙන් සමන්විත ඒකාබද්ධ උද්ඝෝෂණයක් අද සවස කටුනායක ජයලත් සිනමා ශාලාව අසලදී පැවැත්විණි. මෙම විරෝධතාවය පවත්වා ඒසමගම මෙම පිරිස කටුනායක 18 කණුව අසල බ්‍රැන්ඩික්ස්  ආයතනයේ සේවකයන් විසින් පවත්වමින් සිටි   විරෝධතාවයට  සම්බන්ධ විය. මහින්ද රාජපක්ෂ පාලනය හෙළා දකිමින් සටන් පාඨ කියූ උද්ඝෝෂක

විරෝධතාවය

කරුවන් පත්‍රිකා බෙදා හැරිය අතර තවත් වෙළද කලාපයේ සේවක සේවිකාවන පිරිසක් ඇවරිවත්තේ සිට පෙළපාලියකින් පැමිණ මෙම උද්ඝෙෘ්ෂණයට සහභාගි විය.