මිය ගිය පුතුණුවන්ට

0
312

මීගමුව කියන්නේ ලාංකිය සිංහල සිනමාවෙි තිඹිරි ගෙය වගේම 80 සහ 90 දශක වල කලාවට දක්ෂකම් දක්වපු විශාල පිරිසක් උන්න ප්‍රදේශයක් . එච්චර කණ්ඩායම් සහ නළුවෝ නිළියෝ හිටපු වෙනත් නගරයක් ලංකාවේ ඒ කාලේ තියෙන්න නැතිව ඇති.ඒ කාලේ අපිත් එක්ක හිටපු ප්‍රියන්ත රඟපාන්න වගේ ම චිත්‍රවලටත් හරිම දක්ෂයෙක් . එත් අපි හැමෝගෙම අවසානාවට ප්‍රියත්තට වැඩිකාලයක් අපිත් එක්ක ඉන්න ලැබුනේ නැ
දැනට ුඅවුරුදු ්‍16 කට ඉස්සෙල්ලා එයා අපෙන් සදහටම සමුගත්තා.
ජනවාරි 17 වෙනිදා මට ප්‍රියත්තගේ අම්මගෙන් කෝල් එකක් ආවා. ඒ අම්ම ප්‍රියන්ත ගැන කවියක් ලියාගෙන ඇවිත් මිපුර පත්තරේ පළකරවගන්න. ඒත් අපි ඔපිස් එක මාරු කරල හින්ද ඇවිදල රස්සියාදු වෙලා ගිහින් තිබුණා.පස්සේ මම එදා රෑම ගිහින් අම්මගෙන් එ කවිය ඉල්ලන් ආවා.
මේ සටහන තියද්දි මට මතක් වුනේ මීට ුඅවුරුද්දකට ඉස්සෙල්ලා උතුරේ අත්දැකිම් .

තමන් හරියි කියල හිතපු දේ වෙනුෙවන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කරපු ඒ තරුණයන්ගේ සොහොන් කොත් පවා විනාශ කරල දාන්න තරම් ම්ලේච්චත්වයක් පෙන්නපු ජාතියක්..

මළවුන්ගේ මාසේ දවසක එක අම්මෙක් එයාගේ මැරිච්ච පුතා කන්න ආසකරන දේවල් සිලි බෑග් එකකට දාගෙන බස් එකක යන ගමන් ඉස්සර මේ පුතාලගේ සොහොන තිබුන තැනට විසි කරන් ගියාලු.

ප්‍රියත්ත මතක් කරලා කවියක් ලියපු අම්මගෙය් ඒ අම්මගෙයි වෙනස මොකද්ද..??

 

වේදිකාව එලියක් කළ ඔබ
මිනිසුන් අතරේ කිරුලක් වු ඔබ
දෙමාපියන් අතරට සෙනෙහසක් වු ඔබ
අද කොහෙද පුතුණුවනේ

ජීවිතයෙන් ජයගන්නට
දහසක් වෙර දැරූ ඔබ
සිතුම් පැතුම් පොදි බැඳගෙන සිටි
ඔබගේ දිවි යකඩ යකා රැගෙන ගියාදෝ

මුව පුරා පිරුණු පින්බර සිනාව
ආවේශ කරගත් රළුුවු හඩ
ජීවිතය පුරා මගේ මතකයේ සදා රැදේවි

සොහොයුරු සොහොයුරන් අතර සිටියදි ඔබ
විහිළු කථාවෙන් සතුට ගෙන දුන් ඔබ
යහළු යෙහෙළියන් අතරෙදි ඔබ
ඒ අයව දැනුවත් කළාවු ඔබ
අද කොහෙද පුතුණුවනේ

මගේ අන්තිම හුස්ම තිබෙන තුරු
ඔබ කොහේ හිටියත් නිවසට එන විට
අම්මා කියන්නාවු කටහඩ මා දෙසවන සදා රැදේවි.