මිරිස්වත්තේ කොහු ආශ්‍රිත කම්හලක ගින්නක් !

0
245

කටාන පොලිස් වසමේ කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි Toyoo cushion lanka (PVT) limited කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයේ හදිසි ගිනිගැනීමක් අද අලුයම 4.45 ට පමණ සිදුව ඇත.

මෙම ආයතනයේ ගොඩනැගිලි 12 පමණ පිහිටා ඇති අතර ගිනි ගැනීමෙන් ගොඩනැගිලි 05 පමණ අලාභ හානි සිදුව ඇති අතර
ඉන් ගොඩනැගිලි 04 ගින්න නිවා දමා තිබුන අතර ඉතිරි ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමීමට සියල්ලෝ වෙහෙස වෙමින් සිටි බව එහි ගොස් සිටි අප වාර්තාකරුවෝ පවසා සිටියහ.

ගින්න පැතිරයාම වලක්වා ගැනීමට ගිනි නිවීමේ රථ 05 සහ ජල බවුසර් 05 යොදාගෙන තිබුන අතර ගිනි ගැනීමෙන් ආයතනයේ දේපල වලට හානි සිදුව ඇති අතර ජීවිත හානි නොමැත.මෙම ආයතනය ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයකි.
සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.