මිල්රෝයි මහින්දට බෑ කියද්දි සුසන්ත හා කියයි ?

0
70

susantha and MRවෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සිටි එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රිවරුන් 14 දෙනෙක් සමග මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ගන්නා ඔනෑම පක්ෂයකින් තරඟ කරන්න සුදානම් බව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි.
තමන් ඇතුලු මන්ත්‍රිවරුන් මෙන්ම අපේක්ෂකයන් සියලුම දෙනා මෙම එළඹෙන ප්‍රාදේශිය සහා මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස සිටින මෛත්‍රිපාල සිරිසේන මහතා එම මැතිවරණයට නායකත්වය ලබා දුනහොත් එම නායකත්වය යටතේ පමණක් තරඟ කිරිමට සුදානම් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක් පිහිටවනු ලැබුවහොත් තමන් ඇතුලු පිරිස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත හැර එම පක්ෂයෙන් තරඟ කරන බව හිටපු සභාපතිවරයා පැවසීය.
දවල්ට ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ හා රැට එක්සත් ජාතික පක්ෂයත් සමග වැඩ කරන මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි නායකයෙක් යටතේ තමන්ට මෙම මැතිවරණය දිනාගත නොහැකි බවත් ගමේ මිනිස්සු තාමත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ඉල්ලා සිටින නිසා ශ්‍රිලංකා නිදහස් පක්ෂය දිනවීමට නම් මහින්ද මහත්තයාව ඉදිරියට ගෙන ආ යුතු බවට තම අපේක්ෂක කණ්ඩායම තීරණයකට එළඹි බව සුසන්ත පෙරේරා මහතා කීය.
අපි හැමෝම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරේයි එත් ඒ පක්ෂයට දිනන නායකත්වයක් නැත්නම් අපි පක්ෂයක් බදාගෙන ඉන්න ලෑස්ති නැ පක්ෂය දිනවන්න ඔනේ නම් මෛත්‍රිපාල මහත්තයා අඩියක් පස්සට තියලා මේ මැතිවරණය මෙහෙයවීම මහින්ද මහත්තයට දෙන්න එහෙම සහයෝගයකින් මේ මැතිවරණය මෙහෙයවන්න බැරිනම් මහින්ද මහත්තයා ගන්න ඔනේම තීරණයකට අපි එකඟයි අපිට පුලුවන් මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා වෙන්නප්පුව ආසනය වගේම පුත්තලම් දිස්ත්‍රික්කයත් දිනවන්න මහින්ද මහත්තයා අලුත් පක්ෂයක් හැදුවොත් අපිත් ඒකට යනවා වෙන්නප්පුවේ හිටපු සභාපති හා මන්ත්‍රිවරු පවසයි
චන්දන ප්‍රනාන්දු