මිලානෝ කොන්සල් ජෙන්රාල් කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීම කුලියට සිටිනවාට වඩා සුදුසුයි

0
92

19025239_1874584439461990_4915065331779501152_o

ඉතාලියේ මිලානෝ නගරයේ Via Melzi d’Eril 34 පිහිටුවා ඇති මෙම කාර්යාලය  ලාංකිකයින් 25000කට අධික පිරිසකට විශිෂ්ට සේවයක් සලසන ප්‍රශංසනීය ස්ථානයකි.
මේ කතාව එහි මාසික කුලිය පිළිබඳවයි.
මාසයකට €9,000 කට අධික මුදලක් ඒ සඳහා ගෙවිය යුතුය.
තවද එය මිලානෝ නගරයේ  මිල අධිකම ස්ථාන වලින් එකකි.
අද එහි වර්ග මීටර් 1ක විකුණුම් මිල €10,000 කට පමණ වේ.
එම ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත් කාලය එනම් වසර හතර 2020 දී අවසන් වේ.
එහි හිමිකරු ගොඩනැගිල්ල ඉල්ලා සිටී. අප වෙනත් ස්ථානයකට යා යුතු ය.
නැවත වෙනත් ස්ථානයකට කුලී පදනමකට යනවට වඩා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම ඉතාම හොඳ බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි. වර්තමානයේ මීට වඩා අඩු මුදලකට, වැඩි පහසුකම් ඇති, (වාහන නැවතීමේ පහසුකම්ද), සහිතව මීට වඩා වැඩි වර්ග  ප්‍රමාණයක ගොඩනැගිල්ලක් මිලදී ගත හැක.
බැංකු ණයක් මගින් මෙම මිලදී ගැනීම කල හැක. කාර්යාලයේ ආදායමෙන් මාසික වාරිකය ගෙවිය හැක.
රජයට වියදමක් දරන්නට වන්නේ ද නැත.
ණය මුදල ගෙවා අවසානයේ  මිලානෝ නගරයේ ලංකා රජයට අයත්  දේපොලක් ඉතිරි වන්නේ ය.
අපේ ජාතික අභිමානය කියාපාන ජාතික ධජය සදාකල් එහි ලෙළ දෙනු ඇත.
එසේ නොමැතිව වසර හතරින් හතරට
ස්ථාන මාරු කිරීම අහිකුන්ටික ජනතාව සිහිපත් කරවන විහිළුවකි.

දූෂණ චෝදනා එල්ල වේ යැයි බියෙන් විදේශ කටයුතු ඇමතිවරයා මේ පිළිබඳව
මැලි කමක් දක්වයි.විකිණීම් සහ මිලදී ගැනීම් වලදී නිතර අසන්නට ලැබෙන දූෂණ හා වංචා නිසා
එසේ සිතීම තරමක් සාධාරණ ය.

එහෙත් එසේ සිතූ විට කිසිදු අලුත් වැඩක් පලදායිකාර්යයක් කිරීමට නොහැකි වන්නේ ය.
මෙම ගනුදෙනුවට සම්බන්ධ වන තිදෙනාම ලංකාවේ පිළිගත් නීති විශාරදයන් ය:
1. විදේශ ඇමති ඇමැති තිලක් මාරපන මහතා
2. ශ්‍රී ලංකා තානාපති පැල්පොල  මහතා
3. මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා
අපේ දැනීමේ හා විශ්වාසය අනුව මේ අය දෑත් පිරිසිදු පුද්ගලයන් ය.

නිසි විනිවිදභාවයෙන් යුතුව ගනදෙනුව සිදුවේ නම් බිය විය යුතු ද නැත.

එනිසා මෙය කළ හැකි, කළ යුතු අත්‍යවශ්‍ය කරුණකි .

ඒස්. ඩබ්ලිව්. වන්නිආරච්චි
මිලානෝ නුවර සිට