මිලානෝ කොන්සියුලර් ජනරාල් තේරීමේ තරඟය..!

0
178



නීලා වික්‍රමසිංහගේ අභාවයෙන් පසු හිස්වූ මිලානෝ කොන්සියුලර් ජනරාල් දූරය සදහා ඉතාලියේ ජීවත්වන අයගෙන් සුදුස්සෙක් සොයන බව මිලානෝ නුවරින් වාර්තා වේ.

මේ වන විට මෙම මිලානෝ කොන්සියුලර් ජනරාල් තනතුර සදහා 2019 වේ පැවති ජනාධිපතිවරණයේදී අසමත් පාලකයකු පත්කරගැනීමට පොහොට්ටුවෙ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා එක්ව කටයුතු කල මිලානෝ ජීවත්වන පොදුජන පෙරමුණේ කිහිප දෙනකු ජනාධිපති ගොඨාභයට මිලානෝ කොන්සියුලර් ජනරාල් තනතුර සදහා පත් කරන ලෙසට ඉල්ලා නම් කිහිපයක් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මේ වන විට මිලානෝ කොන්සියුලර් ජනරාල් තනතුර පොදුජන පෙරමුණේම ක්‍රියාකාරීන් අතර තරඟයක් බවට පත්ව තිබෙන අතරම තානාපති සේවය විහිළුවක් බවට පත්ව තිබේ.කොන්සියුලර් ජනරාල් නිලයේ වගකීම වත්, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාව ගැන වත් මෙම උදවිය දන්නවාද කියා ප්‍රශ්නයක් මතුවන අතර.

එම නිලයට එක් එක් හිතවතුන් යෝජනා කරන නම් අතරින් කෙනකු පත් කරන්නට තරම් වත්මන් ජනාධිපති අසමත් වීම කණගාටු දායකය.

කොන්සියුලර් ජනරාල් වරයාගේ වගකීම එක පාර්ශවයක් සදහා නොව ඉතාලියේ ජීවවත්වන සමස්ථ ශ්‍රීලංකිකයන් හට එකහා සමාන සේවයක් ලබා දිය හැකි පලපුරුදු පුද්ගලයන් පත්කල යුතු අතර එය එසේ නොකර හිතවතුන්ගේ කීමට සීමිත හෙංචයියන් පිරිසක් යැපෙන තැනට ගොඨාභය රාජපක්ෂ මිලානෝ කොන්සියුලර් ජනරාල් කාර්යාල පත්කරන්නේ නම්, වත්මන් වියත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ එතරම් පහත් තැනකට වැටිම ගැන අපට ඇත්තේ දුකක් කණගාටුවක් පමණී.

(ලක්දේස් විජේසිංහගේ ෆේස් බුක් පිටුවෙනි )