මිලානෝ හිදී පැවැත්වෙන ” එක්ස්පෝ 2015” පිළිබදව ලංකාවේ රජයට චෝදනා පත්‍රයක්

0
56

expo‘එක්ස්පෝ’ ලොව දැවැන්තම වෙළද ප්‍රදර්ශණයයි.
2015 වසරේ එය පැවැත්වෙන්නේ ඉතාලියේ ‘මිලානෝ’ නගරයේය.
යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැදී සිටින්නේ ඉතාලියේ නිසා බොහෝ දෙනෙකු
ඒ  ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේය .
ව්‍යාපාර කළමණාකරන විෂයක් විදියට හදාරා ඇති නිසා මට මේ පිළිබදව උන්නදුව මෙන්ම සැලසුමක් ඇතුව අවතීර්න වූහොත් 2020 දී ‘යුරෝපයේ ශ්‍රී ලාංකික වෙළද කේන්ද්‍රය-මිලානෝ’ කර හැකි බව අවබෝද විය .
‘යුරෝපා වෙළද පොල අධ්‍යනය කරන්නට විය’ .
‘නැව් නො එන හම්බන්තොට හා ‘ජෙනොවා වරාය’ එකතු කරන හැටි.
ගුවන් යානා නො එන මත්තල හා ‘ලිනාතේ ගුවන්තොටුපල’ එකතු කරන හැටි …… ඒ දෙකට අනුබද්ධව මධ්‍යස්ථානයක් හදන හැටි ……. එතැන් සිට ‘යුරෝපයේ’ අනෙක් රටවලට ප්‍රති අපනයන කරන හැටි …….. ඒ සදහා ආයෝජකයින් හොයා ගන්නා හැටි ……. සියල්ල සැලසුම් කළේය ….’
‘ඉන් පසු මේ සැලසුම් මිලානෝ නගරයේ ඉන්නා රටට ආදරේ කරනා මිනිසුන් කීප දෙනෙකුට පෙන්නුවේය …….’
‘ඔවුන් මහත් ඉහලින් අගේ කොට -මල්ලි වැඩේ පටන් ගන්න අපි සහය දෙනවායි මා දිරි ගැන් විය …….’
ඔවුන්ගේ සහයද ඇතිව අපි ‘තානාපති’ වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් සංවිධානය කලේ ……. ඒ සදහා බර පැන දැරුවේද අපමය ……
අපි ඉල්ලා සිටියේ මේ ප්‍රදර්ශණයේ ලංකාවෙන් සම්බන්දධ වන අය තානාපති කාර්යාලය හා ‘මිලානෝ’ නගරයේ වෙසෙනා කමිටුවක් හදන ලෙසය …..
”ඒ සදහා තානාපති වරයා දැක්වූ ප්‍රතිචාර ……. ජනතා මුදලින් නඩත්තු වෙන එකෙකු තියා ලක් බිමේ ‘පෙකනිය’ කැපූ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක” ……….
අපි ආරාධනා කර තිබුනේ ….. ‘තානාපති’ වරයෙකුටත් වඩා ‘බත් කන හරෙකුටය …….. වඩාත් කේදනීය වූයේ ….. ඔහුගේ නුගත්කමට උද්දච්චකමත් වගකීම් විරහිතකමත් ….. රට ගැන හැගීමක් නොමැති බවත් එක්වී තිබීමය ………
මේ ‘එක්ස්පෝ’ කථාන්දරයේ රටට වසන් කල කොටසක් තිබේ …… වෙළද ප්‍රදර්ශණ සදහා ආරාධනා ලැබෙන්නේ රටකටය ……. මේ සදහා අපේ රටටද ආරධනා ලැබුනි …… එහෙත් ඒ සදහා ‘යුරෝ ලක්ෂ 4ක්’ එනම් රුපියල් ලක්ෂ 600ක් වියදම් කිරීමට එවක රජය අකමැති විය ….. දුකට කාරනය නම් ‘රට’ වෙනුවෙන් ලක්ෂ 600ක් වියදම් නොකරන රටේ ඉන්දියාවේ නලු නිලියන්ට සම්මාන දෙන්න ලක්ෂ 1800ක් වියදම් කිරීමය ……
රජය ඉදිරිපත් නොවන නිසා එය පෞද්ගලික ආයතනයකට දුන්නේය …… එය
‘හියු ඉන්ටනැෂනල්’ නම් විය ….. එහි හිමි කරු දුලාංජලී ප්‍රේමදාසගේ මාමණ්ඩියයි …… වෙනත් මාර්ග වලින් මා ඔවුන් හා සම්බන්දකම් ගොඩ නගමින් සිටියේය ……
එහෙත් පෙබරවාරි මාසය වන විට ඔවුන් එය අත හැර දැම්මේ ‘රටක්’ ලෙස ලොවක් ජයගන්නට තිබූ අවස්තාවක් ලක් මවට අහිමි කරමින්ය ……..
එදා ‘හරකෙක්’ වෙනුවට ……. ‘මිනිසෙක්’ තානාපති ලෙස ඇවිත් සිටියේ නම් …… මේ ‘එක්ස්පෝ’ අභියෝග ජය ගැනීමට අපේ ඉල්ලීම වූ කමිටුව පත් කරනු ඇත ….. එසේ වී නම් මිලානො වෙසෙන දෑ හිතකාමී මිනිසුන් මේ අභියෝග ජය ගැනීමට උදව් කරනු ඇත …….
අපේ රටට මේ අවස්තාව නොවටිනා උනත් ….. ඉතාලියට ලංකාව වටී ….. ඒ නිසා ඉතාලි රජය ඔවුන්ගේ වියදමින් හැදූ ඉතා කුඩා කුටියක් ලබා දුන්නේය …….
දැන් ඒ සදහා මැති ඇමතීන් එයි ….. තානපති කාර්යාලයේ නිලධාරින්ද එයි ….. තවත් රජයේ නිළධාරින්ද එයි ……. මේ සදහා වියදම් දරන්නේ ඉතාලි රජය නොවේ …… අපිද දායකවූ යහපාලන රජයයි ….. රජයේ මුදල් යනු ජනතා මුදල්ය …….. ඒ නිසා එහි වෙන්නේ කුමක්දැයි කියා දැන ගැනීමේ අයිතියක් රට වැසි සැමට ඇත.
එසේම ලාංකිකයින්ගේ සම්පත් ඒක රාශී කොට රට වෙනුවෙන් යොදා ගැනීමද පාලක කාගෙ කාගෙත් වග කීමකි.

එහෙත් මෙයට දායක වී ඇති අයගේ හැසිරීම් ගුප්තය.
ඒ ඔවුන් කෙලවා ගෙන ඇති නිසාය.
දැන් අපිට අවශ්‍යව ඇත්තේ කෙලවුනු තැන සෙවීම නොව ……. නැවත නැගී සිටිමටය.
ඒ නිසා ‘සයිබර්’ අවකාශයේ දෑ හිතකමී ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න.
ඒ මාස 6න් මාසයක් කාදමා ඇතත් තවත් මාස 5ක් ඉතිරිව ඇති නිසා,
මේ ‘රට’ ‘රට කරවන’ උන්ගේ නොව …… අපගේ බව අපි තේරුම් ගත යුතුය ….. ‘රට’ කරවන හා කරපු උන් කළ හා කරන ජඩකම්, ගොංකම් හා හොරකම් වලට ගෙවන්නේ අපය …….unnamed

රවී සොයිසා – මිලානෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here